හිටපු කථානායකවරුන්ගේ ඉන්ධන වියදම් ගැන හෙළි කෙරේ

  • SocialShare:

හිටපු කථානායක සහ නියෝජ්‍ය කථානායකවරු කිහිපදෙනෙක් පාර්ලිමේන්තුවේ වාහන සහ ඉන්ධන අවභාවිතා කර ඇතැයි සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා අද(12) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් සභානායකවරයා මේ බව ප්‍රකාශ කළේය.

හිටපු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා 08 වන පාර්ලිමේන්තුවේ වාහන 08ක් සහ රුපියල් මිලියන 26ක ඉන්ධන භාවිතා කර ඇති බවත්, හිටපු නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ වාහන 06ක් සහ රුපියල් මිලියන 14ක ඉන්ධන භාවිතා කර ඇතැයිද සභානායකවරයා හෙළි කළේය. එහෙත් මෙම තොරතුරු ව්‍යාජ බව පෙන්වීමට හිටපු  කථානායකවරයා ප්‍රකාශයක් නිකුත් කර ඇතැයිද  නමුත් මෙම වාර්තා පාර්ලිමේන්තුවේ මූල්‍ය අධ්‍යක්ෂකවරයා  සහතික කර ඇතැයිද සභානායකවරයා පෙන්වා දුන්නේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් සභානායක බිමල් රත්නායක ‌මහතා මෙසේ පැවසීය.

අනෙක් සෑම රාජ්‍ය ආයතනයක මෙන්ම පාර්ලිමේන්තුව තුළත් භාවිතා කරන්නේ ජනතාවගේ මුදල්. පාර්ලිමේන්තුවත් ජනතාවට සියයට සියයක් වගකව යුතුයි.අනෙක් සෑම රාජ්‍ය ආයතනයක මෙන්ම පාර්ලිමේන්තුවේ වියදම් විගණණයට ලක්කිරීම සඳහා ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් කතානායකවරයාට ස්තුතිය පුදකළ යුතුයි.

2023 සහ 2024 සැප්තැම්බර් දක්වා කාලසීමාවේ හිටපු කතානායකවරයාගේ සහ නියෝජ්‍ය කතානායකවරයාගේ වාහන සහ ඉන්ධන වාර්තා   මම සභාගත කරනවා. එම වාර්තා පාර්ලිමේන්තුවේ මූල්‍ය අධ්‍යක්ෂ විසින් සහතික කර ඇති බවත් නිවැරදි වාර්තා බවත් සභානායකවරයා පැවසීය.වර්තමාන කථානායක සහ නියෝජ්‍ය කථානායකවරුන්ගේ ඉන්ධන පිළිබඳ වාර්තාද සභානායකවරයා පාර්ලිමේන්තුවේ සභාගත කළේය.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.