රුපියල් මිලියන 26ක වියදමින් ඉදිකළ අම්පාර ඩී.එස්. සේනානායක ජාතික පාසලේ පිහිනුම් තටාකය සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිසු අයිතියට පැවරිණි. මෙම පිහිනුම් තටාකය මීටර් 25ක දිගින් යුක්ත වන අතර තීරු 06කින් සමන්විත වේ. ක්‍රීඩා අමාත්‍යංශයේ හා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ මූල්‍ය ප්‍රතිපාදන මත මෙම පිහිනුම් තටාකය ඉදිකොට ඇත. DB