අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උරුගුවේ රාජ්‍යයට නව ජනාධිපතිවරයෙක් - හිටපු ජනපති ජොසේ මුජිකා තනතුරට සමු දෙයි

    මාර්තු 03, 2015

    උරුගුවේ රාජ්‍යයේ නව ජනාධිපති Tabare Vazquez මහතා පසුගිය සඳුදා (01) දිවුරුම් දී සිය තනතුරේ වැඩ ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

     

    නව ජනාධිපතිවරයා එරට පිළිකා සම්බන්ධ වෛද්‍යවරයෙක් වන අතර ඔහු දිවුරුම් දීමෙන් පසු සිය ධුර කාලය තුළ දී රටේ ප්‍රධාන ප්‍රශ්න වන මහජන අධ්‍යාපනය, සෞඛ්‍ය සහ නිවාස පිළිබඳව අවධානය යොමු කරන බව මාධ්‍ය හමුවේ පවසා ඇත.

     

    ලෝකයේ දුප්පත් ම ජනාධිපතිවරයා ලෙස විරුදාවලිය ලත් හිටපු ජනපති ජොසේ මුජිකා (Jose Mujica) මහතාගේ වර්ණවත් පාලන සමය ඒ අනුව නිමාවට පත් විය. නමුත් තවමත් උරුගුවේ රාජ්‍යයේ ජනතාවගේ වැඩි අවධානයක් යොමු වී ඇත්තේ හිටපු ජනපතිවරයාට බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

     

    උරුගුවේ රාජ්‍ය ව්‍යවස්ථාවට අනුව දෙවැනි වරටත් ජනාධිපති තනතුර සඳහා තරග කරන්නට අවසරයක් නොමැති හෙයින් ජනතා කැමැත්ත තවමත් නොමඳව පැවතියත් හිටපු ජනපති ජොසේ මුජිකා මහතා ව්‍යවස්ථාවට ගරු කොට ජනාධිපති පදවිය භාර දී ඇත.
     


    1985 දී උරුගුවේ රාජ්‍යයට ප්‍රජාතන්ත්‍රවාදය උදා වීමත් සමඟ ජොසේ මුජිකා මහතා ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට අවතීර්ණ වී ඇති අතර 2010 දී ඔහු උරුගුවේ ජනාධිපතිවරයා ලෙස තේරී පත් විය.

     

    සිය ජනාධිපති පාලන සමය තුළ ද මධ්‍යම පාංතික ඉතාමත් සාමාන්‍ය ජීවිතයක් ගත කළ හිටපු ජනපතිවරයා පැරණි මෝටර් රථයක ගමන් කළ සිය බිරිදට අයත් ගොවි පොළේ නිවසක ජීවත් වූ පුද්ගලයෙක් වීම විශේෂත්වයකි. එමෙන්ම ජනාධිපති තනතුරෙ හි සිටි කාලයේ ඔහු සිය වැටුපෙන් සියයට අනූවක් ම දුප්පතුන් වෙනුවෙන් ලබා දුන් අතර ඉතිරි මුදල් සහ ගොවි පොළෙන් උපයන මුදලින් හිටපු ජනාධිපතිවරයා සහ ජනාධිපති ආර්යාව ජීවත් වූහ. කකුල් 3ක බල්ලෙක් ජනාධිපතිවරයාගේ සුරතලා වූ අතර ඔහුගේ සහ ආර්යාවගේ ආරක්ෂකයන් ලෙස ගොවි පොළට ඇතුළුවන සීමාවේ පොලිස් මුර බටයින් දෙදෙනෙකු පමණක් සිටි බවත් විදෙස් මාධ්‍ය පවසයි.

     

    තනතුර භාර දුන් පසු තමන් සිය බිරිද සමඟ සුපුරුදු පරිදි ඔවුන්ට අයිති ගොවි පොළේ ජීවත් වන බවත් ගොවි පොළෙන් ලැබෙන ආදායමෙන් සිය අවශ්‍යතා සපුරාගන්නා බවත් හිටපු ජනාධිපතිවරයා මාධ්‍ය හමුවේ පවසා ඇත.

     

    මන්දිර වල ජීවත් වෙමින් ලොව වටිනාම වාහනවල ගමන් බිමන් යමින් අසීමිත ලෙස මුදල් වැය කරමින් ජීවත්වන ලෝකයේ බොහෝ රටවල ජනාධිපතිවරුන්ට හිටපු ජනපති ජොසේ මුජිකා (Jose Mujica) මහතාගේ එම නිහඩ පෞද්ගලික ජීවිත ආදර්ශය විශිෂ්ඨය.

     

    SDF

     

    Uruguwe1

     

    jose1

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya