අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මංගල උත්සව සහ මධුසමය ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාවට එක්සත් රාජධානියේ සංචාරකයන් ආකර්ශණයට ප්‍රදර්ශනයක් ලන්ඩන් නුවරේදී

    පෙබරවාරි 28, 2015

    එක්සත් රාජධානියේ සංචාරකයන් සඳහා නව සංචාරක අවස්ථාවන් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්,  ශ්‍රී ලංකාව ප්‍රමුඛ සංචාරක ගමනාන්තයක් ලෙස සංචාරකයන්ට පෙන්වීම සඳහා සංචාරක මණ්ඩලය ‘ජාතික විවාහ මංගල දැක්මක්‘ පසුගිය සතියේ ලන්ඩන් නගරයේ දී පැවැත්විණි.


    එක්සත් රාජධානියේ විවාහ අපේක්ෂිත විවාහ යුවලවල් සහ ඔවුන්ගේ පවුල් මංගල උත්සව හා මධුසමය ගතකිරීම වැනි විදේශීය, පෞද්ගලික නිවාඩු ගතකිරීම සඳහා ශ්‍රී ලංකාව තෝරා ගැනීම පිළිබඳව අවබෝධයක් ලබා දීමට ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය විසින් මෙහිදී "එක් දූපතක් හා දහසක් වස්තු" යන තේමාවෙන් ඡායාරූප ප්‍රදර්ශනය කරන ලදී.

     

    ශ්‍රී ලංකාවේ බහුජාතික සංස්කෘතික අංග ඇතුළු ජාතික උරුමයන්, අල හා දිවියන් වැනි සතුන් ඇතුළු වනජීවී අඩවි, දකුණු ලක වෙරළ ඇතුළු තල්මසුන් හා ඩොල්ෆින් සමඟ ආකර්ශණීය මුහුදු තීර  සහ ලංකාවේ විවිධ භූමි දර්ශන පෙන්වන ඡායාරූප මෙම විවාහ මංගල දැක්ම ප්‍රදර්ශනයේ දී නරඹන්නන්ගේ නෙත්සිත් පැහැරගත්හ. තවද මංගල උත්සව සඳහා වන බහුසංස්කෘතික විවාහ චාරිත්‍ර, උඩරට, පහතරට මංගල ඇදුම් පැළඳුම් ද ශ්‍රී ලංකාවේ පැවති බ්‍රිතාන්‍ය විවාහ යුවලකගේ මංගල ඡායාරූප ද මෙහි ප්‍රදර්ශනය කෙරිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya