අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයා චීන අග්‍රාමාත්‍යවරයා සහ එරට විදේශ අමාත්‍යවරයා හමුවේ

    පෙබරවාරි 28, 2015

    චීනයේ දෙදින සංචාරයක නිරත වෙමින් සිටින ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ (27) ‘බේජින්’ අගනුවර දී  චීන අග්‍රාමාත්‍ය ලී කච්‍යාං සහ එරට විදේශ අමාත්‍ය වාං යී යන මහත්වරු හමුවූහ.

     

    චීනය හා ශ්‍රී ලංකාව ගැඹුරු සම්ප්‍රදායික මිත්‍රත්වයක් සහිත සුහදශීලී අසල්වැසි රටවල් දෙකක් බව චීන අග්‍රාමාත්‍ය ලී කච්‍යාං මහතා මංගල සමරවීර මහතා හමුවූ අවස්ථාවේදී පැවසීය. ශ්‍රී ලංකාව සමඟ පවතින සබඳතාව චීන රජය ඉහළින් අගය කරන බව හෙතෙම තවදුරටත් පවසන ලදී. ශ්‍රී ලංකා ජනතාව තම රටට සුදුසු සංවර්ධන ක්‍රියාමාර්ගයක් තෝරා ගෙන ඇති බවත්, එය චීනය අගය කරන බවත්, ලී කච්‍යාං මහතා එහිදී පෙන්වා දුන්නේය.

     

    සංවර්ධන දිශාව ඉලක්ක කර ගනිමින් චීන ශ්‍රී ලංකා ක්‍රමෝපායීය සහයෝගිතා හවුල්කාර සබඳතා විධිමත් ලෙස ඉදිරියට ගෙන යාම වෙනුවෙන් ශ්‍රී ලංකාව සමඟ එක්ව ප්‍රයත්න දැරීමට චීනය කැමැත්තෙන් පසු වන බවද චීන අග්‍රාමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය. මීට අමතරව, ශ්‍රී ලංකා රජය චීන ආයෝජනයන් වෙනුවෙන් යහපත් නීතිමය පරිසරයක් නිර්මාණය කරනු ඇති බවට චින අග්‍රාමාත්‍යවරයා සිය අපේක්ෂා පළ කළේ ය.


    ශ්‍රී ලංකාවේ ප්‍රධාන පක්ෂ දෙක ම චීනයට යහපත් ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටින බව විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා මෙම හමුවේදී පැවසීය. චීනය සමඟ ගොඩනගා ඇති සබඳතාව නව රජය තවදුරටත් තහවුරු කරමින් අලුත් මට්ටමකට නංවා ගැනීමට කැමැත්තෙන් පසු වන බව‍ හෙතෙම කීය. වැඩි වශයෙන් චීන ආයෝජකයන් ශ්‍රී ලංකාවට පැමිණීම පිළිගන්නා බව සමරවීර මහතා එහිදී තවදුරටත් පැවසීය. ඔවුන් වෙනුවෙන් පහසුකම් සහ යහපත් පරිසරයක් උදා කර දීමට ශ්‍රී ලංකා රජය සූදානම් බව ද හෙතෙම පෙන්වා දුන්නේ ය.


    මීට අමරතව, මංගල සමරවීර මහතා ඊයේ (27) චීන විදේශ අමාත්‍ය වාං යී මහතා ද හමු විය. 21 සියවසේ මුහුදු සේද මාවතේ ශ්‍රී ලංකාව දිදුලන මුතු ඇටයක් වනු ඇති බවට චීන විදේශ අමාත්‍ය වාං යී මහතා සිය අපේක්ෂාව එහිදී පළ කළේය. චීනය ඉදිරිපත් කළ මුහුදු සේද මාවතේ සංවර්ධන යෝජනාව ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාමාර්ගයට ඉහළින් ගැලපෙන බව හෙතෙම එහිදී තවදුරටත් පෙන්වා දුන්නේය.

     

    චීනය හා ශ්‍රී ලංකාව නව යුගයේ මුහුදු සහ‍යෝගිතාවන් තුළ ප්‍රමුඛ ආදර්ශයක් වනු ඇතැයි වාං යී මහතා සිය විශ්වාස පළ කර ඇත. එමෙන් ම චීනය, ශ්‍රී ලංකාව හා ඉන්දියාව යන තෙරටේ සබඳතාව චීන රජය විවෘත අයුරින් සලකන බව හෙතෙම කීය. සහයෝගිතා ක්ෂේත්‍ර හා ක්‍රියාමාර්ග පුළුල් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව හා ඉන්දියාව සමඟ අදහස් හුවාමරු කිරීමට චීනය කැමැත්තෙන් පසු වන බව ද චීන විදේශ අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේ ය.

    SDF/ECB/CRI

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya