අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෙරට සෞඛ්‍ය සේවාව ලෝකයටම ආදර්ශයක් - ජපන් රජය අවධාරණය කරයි

    පෙබරවාරි 25, 2015
    ශී‍්‍ර ලංකාව මධ්‍යම මට්ටමේ ආදායම් ලබන රටක් වශයෙන් සියලු ම මහජනතාවට නොමිලේ නිදහස් සෞඛ්‍ය සේවාවක් සැපයීම මවිතයට හේතුවක් බව ජපාන රජය අවධාරණය කරයි.
     
    මුළු ලෝකයටම ශී‍්‍ර ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවාව ආදර්ශයක් බවද ජපන් රජය පවසයි.
     
    මෙරට රෝහල්වල පහසුකම් ඉතා උසස් මට්ටමක පවතින අතර පුහුණුවලත් වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයක් රෝහල්වල සේවයේ යෙදීම හේතුවෙන් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් මහජනතාවට සපයන බව ශී‍්‍ර ලංකාවේ ජපාන තානාපති නොබුහිතො හොබො මහතා පැවසුවේය.
     
    ශී‍්‍ර ලංකාවේ ජපාන තානාපති නොබුහිතො හොබො මහතා සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී හමු විය.
     
    මෙරට රාජ්‍ය ප‍්‍රතිපත්තියක් වශයෙන් කි‍්‍රයාත්මක වන නිදහස් සෞඛ්‍ය සේවාව යටතේ ජනතාවට රෝගී සත්කාරක සේවාවක් සැපයෙන ආකාරයත් ඉදිරියේදී ශී‍්‍ර ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවාවේ උන්නතිය උදෙසා ජපාන රජයෙන් ලබා දෙන දායකත්වය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරිණි.
     
    උතුරේ ජනතාවගේ සෞඛ්‍ය සේවාවන් ශක්තිමත් කිරීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ ද සහයෝගය පළ කරන බවත් නව රජයේ ජනතා හිතවාදී වැඩපිළිවෙළ තවදුරටත් ඉදිරියට ගෙනයාමට ජපන් ශී‍්‍ර ලංකා මිත‍්‍රත්වය හේතුවක් වනු ඇති බවත් තානාපතිවරයා ප‍්‍රකාශ කළේය.
     
    ජපාන රජය මෙරට සෞඛ්‍ය සේවාවේ උන්නතිය උදෙසා විශාල දායකත්වයක් ලබා දී ඇති බවත් සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ භෞතික සම්පත් සංවර්ධනයේදී ජපන් රජය ලබාදී ඇති සහාය සඳහා නව රජයේ කෘතඥතාව හිමිවන බවත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසුවේය.
     
    නිදහස් සෞඛ්‍ය සේවාව රටක කි‍්‍රයාත්මක කිරීම පසුගිය රජයන් මෙන්ම නව රජයත් ප‍්‍රතිපත්තියක් වශයෙන් පිළිගෙන ඇත්තේ යැයි ද සෞඛ්‍ය සේවාව තවදුරටත් ශක්තිමත් කිරීමට ජපන් රජයේ සහාය ඉදිරියේදීත් අවශ්‍ය වන්නේ යැයි ඇමතිවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya