අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජීවන් මෙන්ඩිස් වෙනුවට උපුල් තරංග ශ‍්‍රී ලංකා කණ්ඩායමට

    පෙබරවාරි 25, 2015

    තුවාල වූ ජීවන් මෙන්ඩිස් වෙනුවට උපුල් තරංග ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ‍්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් කිරීමට ජාත්‍යාන්තර ක‍්‍රිකට් කවුන්සිලයේ ලෝක කුසලාන තාක්ෂණ කමිටුව අනුමත කොට තිබේ.

     

    ඊයේ (24) පැවති පුහුණුවීම් අතරතුර ජීවන් මෙන්ඩිස් තුවාල විය. එම අවස්ථාවේ දී මෙන්ඩිස්ගේ වෛද්‍ය පර්යේෂණ වාර්තා සලකා බැලීමෙන් පසු උපුල් තරංග ශ‍්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් කිරීමට අවසර ලබා දුන් බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සඳහන් කරයි.

     

    තිස් හැවිරිදි ආරම්භක වමත් පිතිකරුවෙකු වන උපුල් තරංග මේ වන විට එක්දින තරග 176 ක් ක්‍රීඩා කර ලකුණු 5,339 ක් රැස්කර ඇති අතර එය සාමාන්‍ය 33.57 ක් ලෙස දර්ශකයේ දැක්වේ. එයට ශතක 13 ක් සහ අර්ධ ශතක 28 ක් ඇතුළත් වේ. තරංග අවසන් වරට ජාතික කණ්ඩායම හා එක් වූයේ 2014 නොවැම්බර් මස ඉන්දියාවට එරෙහිව පැවති එක් දින තරගාවලියටය.

     

    ලෝක කුසලාන තරගාවලිය අතරතුර ක‍්‍රීඩකයෙකු ආබාධයකට හෝ රෝගී තත්ත්වයකට පත්වුවහොත් අදාළ ක‍්‍රීඩකයාගේ වෛද්‍ය වාර්තාව මෙම තාක්ෂණ කමිටුවට ඉදිරිපත් කරන අතර ඔවුන්ගේ නිර්දේශ අනුව පමණක් කණ්ඩායමට වෙනත් ක‍්‍රිඩකයෙකු ආදේශ කළ හැකි වේ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya