අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ පළමු ද්විත්ව ශතකය ක්‍රිස් ගේල් වාර්තා කරයි

    පෙබරවාරි 24, 2015

    ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ පළමු ද්විත්ව ශතකය ලබාගත් පිතිකරුවා බවට පත්වීමේ භාග්‍යය බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ක්‍රිස් ගේල්ට හිමිවිය.

    නවසීලන්තයේ කැන්බරා හි මේවන විට පැවැත්වෙන කොදෙව්-සිම්බාබ්වේ තරගයේදී පන්දු 147කදී හයේ පහර 16ක් සහ හතරේ පහර 10ක් සමඟ ලකුණු 215ක් ලබා ගන්නට ක්‍රිස් ගේල් සමත් විය.

     

    එක්දින තරගයක වේගවත් ම ද්විත්ව ශතකය ද මෙය වන අතර  එක්දින තරගයක පිතිකරුවෙකු එල්ල කළ වැඩි ම හයේ පහර සංඛ්‍යාව සම කිරීමට ද ක්‍රිස් ගේල් සමත් විය. ඒ අනුව මෙතෙක් හයේ පහර 16ක් ලබා මෙම වාර්තාවට හිමිකම් කියූ රෝහිත් ෂර්මා සහ ඒ.බී .ඩිවිලියර්ස් යන ක්‍රීඩකයන් හා ගේල්ගේ මෙම වාර්තාව සම විය.

     

    එසේම එක්දින තරගවලදී ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් පිහිටුවන ලද හොඳම සබඳතාවයද මෙම තරගයේදී පිහිටුවීමට ගේල් හා මාර්ලන් සැමුවෙල් සමත්වූ අතර එහිදී සැමුවෙල් ලකුණු 133ක් ලබා ගත්තේය.


    කොදෙව්වන් මෙම තරගයේදී පන්දුවාර 50 තුළ කඩුලු 2ට ලකුණු 372ක් ලබාගත් අතර එය එක්දින තරගයකදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම රැස් කළ වැඩි ම ලකුණු සංඛ්‍යාව බවටද පත්ව තිබේ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya