අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාලදිවයින් හිටපු ජනපති අත්අඩංගුවට

    පෙබරවාරි 23, 2015

    මාලදිවයින් හිටපු ජනපති සහ වත්මන් විපක්ෂ නායක මොහොමඩ් නෂීඩ් මහතා (Mohamed Nasheed) ත්‍රස්ත චෝදනා මත එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

    2012 ජනවාරි මාසයේ දී හිටපු ජනාධිපතිවරයාගේ අණ මත විනිසුරුවරයෙක් ඔහුගේම කාර්යාලයේ රඳවා තබා ගැනීම හා සම්බන්ධව ඔහුට චෝදනා ගොනු කර තිබේ.

     

    2008-2009 වසරේ මාලදිවයින් ජනාධිපති වන නශීඩ් මහතා හිටපු මානව හිමිකම් සංවිධායකවරයෙක් ද වන අතර ඔහු එළඹෙන සිකුරාදා විපක්ෂයේ දැක්ම විවරණය කිරීම මෙහෙයවීමට සැලසුම් කර තිබේ.

     

    මොහමඩ් නෂීඩ් මහතා මාලදිවයිනේ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තේරී පත් වූ ප්‍රථම ජනාධිපතිවරයා වූ අතර හමුදා කැරැල්ලකට මැදිහත් වීම හා මහජන කැරැල්ලක් හේතුවෙන් තනතුරින් ඉල්ලා අස් විය.


    වත්මන් ජනාධිපති අබ්දුල්ලා යමීන් මැතිතුමා (Abdulla Yameen) බලයට පත් වී පහළොස් මසක් ගත වෙද්දී මාලදිවයින් යළිත් දේශපාලන වශයෙන් අස්ථාවර වන්නට පටන් ගෙන තිබේ.

     

    රජය පෙරලා දැමීමේ කුමන්ත්‍රණයක යෙදුණු බවට චෝදනා කරමින් මෑතකදී ආරක්‍ෂක ඇමතිවරයා ද තනතුරින් පහ කර අත්අඩංගුවට ගෙන තිබුණි.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya