එම උපදෙස් අනුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල්, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්‍ෂ සහ විද්‍යාඥයින් පිරිසකගෙන් සමන්විත විශේෂඥ කණ්ඩායමක් එම ප්‍රදේශය ආශ්‍රිතව පවතින භුමි අස්ථාවරත්වය අධ්‍යයනය කිරීමේ සහ ඇති විය හැකි අවදානම්/හානි අවම කර ගැනීම සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමේ අරමුණින් නුදුරේදී ස්ථානීය පරීක්ෂණයක් සිදු කිරීමට නියමිතය.
තවද, මේ හේතුවෙන් ඇති විය හැකි හානි වලක්වා ගැනීමට සහ අවශ්‍ය කඩිනම් පියවර ගැනීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ සහ ආපදා කලමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් වෙත අවශ්‍ය උපදෙස් ලබා දීමට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා කටයුතු කළේය.