මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    9%ක්ව තිබූ සේවක අර්ථසාධක අරමුදලේ පොලිය 13% දක්වා ඉහළට

    අප්‍රේල් 29, 2024

    සේවක අර්ථසාධක අරමුදලේ මෙතෙක් පැවති 9%ක පොලී අනුපාතය13% දක්වා ඉහළ නැංවීමට රජය පියවර ගෙන ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය .


    පසුගිය කාලවකවානුව තුළ සේවක අර්ථසාධක අරමුදල විනාශ වෙමින් යන බවට ඇතැම් පාර්ශ්වකරුවන් විසින් නැගූ චෝදනාව අර්ථ විරහිත බවත් 2023 වර්ෂය සඳහා පාර්ලිමේන්තුවේ සම්මත ව පැවැති පොලී අනුපාතය ද ඉක්මවමින් එම මුදල 9% සිට 13% දක්වා ඉහළ නැංවීමට රජය තීරණය කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැහැදිලි කළේය.

    රටේ ඇති දැවැන්තම අරමුදල සේවක අර්ථසාධක අරමුදල බවත් මේ වන විට ක්‍රියාකාරී සාමාජිකයින් ලක්ෂ විසි හතක පිරිසක් එහි සිටින බවත් ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී විශාලතම අභියෝගය එල්ල වූයේ සේවක අර්ථසාධක අරමුදලත් සමග පැවති ණය සම්බන්ධව බවත් පාර්ලිමේන්තුවේ මෙන්ම මාධ්‍ය හරහාද සමාජයේද බොහෝ දෙනා චෝදනා කළේ ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී සේවක අර්ථසාධක අරමුදලට විශාල අලාභයක් සිදුවන බව සඳහන් කරමින් බවත් පෙන්වා දුන්න අමාත්‍යවරයා රජය මේ සඳහා ඉතාමත් සාධාරණ විසඳුමක් ලබා දී ඇති බව පැවසීය. කෙසේ වෙතත් චෝදනා නැගූ බොහෝ දෙනා මේ වන විට නිහඬව සිටින බවත් 2023 වර්ෂය සඳහා සේවක අර්ථ සාධක අරමුදලෙහි ආයෝජනය කර උපයාගත් මුදල් වලින් 13%ක පොලී ප්‍රතිශතයක් ගෙවීමට රජය ගෙන ඇති මෙම තීරණය සාමාජිකභවතුන්ට සුභ පණිවිඩයක් වනු ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
    කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට ප්‍රදේශයේ පැවති හමුවකට එක්ව සිටියදී මාධ්‍යවේදියෙකු විමසූ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya