අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දු-ශ්‍රී ලංකා තිර සබඳතා වර්ධනයට චීනයෙන් උණුසුම් පිළිගැනීමක්

    පෙබරවාරි 19, 2015

    ඉන්දියාව හා ශ්‍රී ලංකාව ඉතා වැදගත් මිත්‍රශීලී අසල්වැසි රාජ්‍යයන් දෙකක් බවත් දෙරට සමඟම ස්ථිර සබඳතා පවත්වාගෙන යාමට චීනය බලාපොරොත්තු වන බවත් චීන විදේශ අමාත්‍යංශය පසුගිය අඟහරුවාදා (17) ප්‍රකාශ කර ඇත.

    ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර තිර සබඳතා වර්ධනයට කටයුතු කිරීම පිළිබඳව චීනයෙන් උණුසුම් පිළිගැනීමක් හිමිවන බව චීන විදේශ අමාත්‍යංශ මාධ්‍ය ප්‍රකාශකවරිය වන හුආ චුනියින්ග් (Hua Chunying ) මහත්මිය ප්‍රකාශ කළාය.

     

    ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ඉන්දීය සංචාරය සහ අසල්වැසි රටවල් දෙකක් අතර සිවිල් න්‍යශ්ටික බලය ඇතුළු විවිධ සහයෝගීතා ගිවිසුම් රැසකට එළඹීම පිළිබඳව මාධ්‍යයේ විමසීම්වලට පිළිතුරු දෙමින් හුආ චුනියින්ග් මහත්මිය ප්‍රකාශ කර ඇත්තේ මෙම රටවල් දෙක සමඟම සමීපව කටයුතු කිරීමට චීනය බලාපොරොත්තුවන බව ය.

     

    ඉන්දියාව සමඟ සාමය හා සෞභාග්‍ය සඳහා උපායශීලී සහයෝගීතා සබඳතා‍ වැඩි වර්ධනය කරගැනීමට කටයුතු කරන බවත් ශ්‍රී ලංකාව පැත්තෙන් චිරස්ථිත මිත්‍රත්වය හා ඍජු අන්‍යෝන්‍ය සහය මුල් කරගනිමින් තවදුරටත් උපායශීලී සහයෝගීතා හවුල පෝෂණය කරගැනීමටත් සොයාබලා කටයුතු කරන බවත් ඇය එහිදී ප්‍රකාශ කළාය.

     

    චීනය සහ ඉන්දියාව අතරත් චීනය සහ ශ්‍රී ලංකාව අතරත් සබඳතා වර්ධනය ස්ථායී ගම්‍යතාවයකින් පවත්වාගෙන යා හැකි බවත් හුආ චුනියින්ග් මහත්මිය වැඩිදුරටත් පවසා ඇත.

     
    ස්ථිර අන්තර්ක්‍රියාරීත්වය තුළින් මෙම පාර්ශව තුනම එකිනෙකාට අනුග්‍රහය දැක්වීමට හැකිනම් එය කලාපයේ සාමය, ස්ථාවරභාවය හා සංවර්ධනය සඳහා ඵලදායී වනු ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරිය අවධාරණය කළාය.

     

    පසුගියදා ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉන්දියාවේ සංචාරය කළ අතර එය එතුමන්ගේ පළමු නිල සංචාරය යි.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya