අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආර්ථික කටයුතුවල දී ශ්‍රී ලංකාව සමඟ සමීපතම මිතුරෙකු ලෙස කටයුතු කරනවා - ඉන්දීය අගමැති

    පෙබරවාරි 18, 2015

    ආර්ථික ක්ෂේත්‍රයේ දී ශ්‍රී ලංකාව, ඉන්දීය රජයේ සමීපතම මිතුරෙකු ලෙස කටයුතු කිරීමට උනන්දු වන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා නවදිල්ලියේ, හයිද්‍රාබාද් මන්දිරයේ දී  ශ්‍රී ලංකා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ කළ සාකච්ඡාවේ දී පවසා තිබේ.

    එහිදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉතා උණුසුම් ලෙස පිළිගන්නා ලදී.

     

    ආර්ථික,විදුලි බල හා බලශක්ති, ධීවර කර්මාන්තය, සංස්කෘතික කටයුතු වලට අදාළව එහිදී දෙරට අතර ප්‍රධාන ගිවිසුම් කීපයකට ද අත්සන් තබන ලදී.

     

    ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ පළමු නිල සංචාරය සඳහා ඉන්දියාවට පැමිණීම පිළිබඳව ඉන්දීය අගමැතිවරයා සිය ප්‍රසාදය පළ කළ අතර එය දෙරට පොදු හඩක් නැංවීමට අවස්ථාවක් බවත් එය ඉන්දියාව සමඟ පවතින මිත්‍රත්වයට වඩාත් ප්‍රයෝජනවත් වනු ඇති බවත් පැවසී ය.

     

    පසුගිය ජනාධිපතිවරණය පැවැත්වූ ආකාරය පිළිබඳව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රසාදය පළ කළේ ය. දෙරටේ නායකයන් අතර කලාපීය සහයෝගීතාව පිළිබඳව ද සාකච්ඡා කළේය. මාලදිවයින අතර අඳහස් හුවමාරුව  ශ්‍රී ලංකාවට ප්‍රයෝජනවත් විය හැකි බව ද මෝදී මැතිතුමා පැවසී ය.

     

    දෙරටේ ධීවර ප්‍රශ්නය පිළිබඳව රාජ්‍ය නායකයින් අතර සාකච්ඡා සිදු වූ අතර දෙරටට හොඳම ප්‍රතිඵල ගෙන දෙන විසදුමක් සඳහා කටයුතු කළ යුතු බවට දෙරට නායකයන්ගේ මතය විය.

     

    ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සිය පළමු නිල විදේශ සංචාරය සඳහා ඉන්දියාව තෝරා ගැනීම ඉන්දීය රජයේ සහ ජනතාවගේ උණුසුම් පිළිගැනීමට ලක් විය. එයින් දෙරටේ යහපත් මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් වනු ඇති බවට බලාපොරොත්තු වන බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ අදහස විය. මෙහිදී ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසා සිටියේ ඉතිහාසයට වඩා  ඉන්දීයාව සමඟ සමීප මිතුදමක් ඇති වී තිබෙන බවයි.

     

    මාර්තු මාසයේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත ඉන්දීය ග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඉතාමත් උණුසුම් ලෙස පිළිගැනීමට බලාපොරොතුවෙන් සිටින බව ද ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පවසා තිබේ.

     

    සාකච්ඡාවලින් අනතුරුව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නවදිල්ලි ජාතික කෞතුකාගාරයේ සංචාරයක ද නිරත විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya