අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රුමේෂ් රත්නායකගේ උපදේශන සේවය තවදුරටත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට

    පෙබරවාරි 18, 2015

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ විශේෂඥ උපදේශකවරයා ලෙස කෙටි කලකට පත් වූ හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක රුමේෂ් රත්නායක මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සඳහා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරගවලටද එක්කර ගැනීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

    ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර පැවැති නවසීලන්ත ක්‍රිකට් සංචාරයේදී ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන්ගේ දුර්වලතා මඟ හරවා ගැනීමේ අරමුණින් රුමේෂ් රත්නායක මහතා ශ්‍රී ලංකා පිලට එක් විය. නවසීලන්ත සංචාරය නිමාවී ලෝක කුසලාන තරගාවලියේ පළමු තරගය දක්වා රුමේෂ් රත්නායක මහතා ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන්ට අවශ්‍ය උපදෙස් හා පුහුණුව ලබාදුන්නේය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya