මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යුද හමුදා ක්‍රීඩා ඡායාරූප ප්‍රදර්ශනය ඇරඹේ

    පෙබරවාරි 11, 2015
    යුද හමුදා ක්‍රීඩා ඡායාරූප ප්‍රදර්ශණය ඊයේ (10) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ආරක්ෂක ලේකම් බී. එම්. යූ. ඩී. බස්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
     
    මෙම ප්‍රදර්ශණය බෙරවාරි 12දා දක්වා පැවැත්වේ.
     
    මෙහිදී ශ්‍රී ලංකා ක්‍රීඩාවේ උන්නතිය සඳහා යුද හමුදා ක්‍රීඩා කණ්ඩායමේ දායකත්වය ප්‍රදර්ශණය කෙරෙන ආකාරයේ ඉදිරිපත් කිරීමක් සිදු කරන ලද අතර අනතුරුව යුද හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජනතාවගේ හදවතින් කිසිදා අමතක නොවනු පිණිසත් ඔවුන් සදාකල් ආවර්ජනය කිරීම සඳහාත් "යුද හමුදා ක්‍රීඩා ඉතිහාසය" යන මැයෙන් යුද හමුදා ක්‍රීඩා ඉතිහාසය මැනවින් පිළිඹිබු කරන නව පුස්ථකයක් එළි දැක්වීමද සිදු කරන ලදී. 
     
    මෙම පොතෙහි මුල් පිටපත් යුද හමුදාපති ලුතිතන් ජනරාල් ආර්.එම්.ඩී. රත්නායක මහතා විසින් ආරක්ෂක ලේකම්, ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්, හිටපු හමුදාපතිවරුන්, ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් සුනිල් ගුණවර්ධන යන මහත්වරුන්ට හා යුද හමුදා කණ්ඩායමෙන් බිහිවී ආසියානු හා ඔලිම්පික් තරගවලදී ශ්‍රී ලංකාවට ගෞරවයක් ගෙන දුන් ප්‍රවීණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත පිළිගන්වන ලදි.
     
    සිය අතීත ආවර්ජනයන් ද සහිතව මෙම නව පුස්ථකය පිළිබඳව සුනිල් ගුණවර්ධන මහතා විසින් මනා විග්‍රහයක් සිදු කරන ලදී. 
     
    යුද හමුදාවෙන් බිහිවී ජගත් ක්‍රිඩා ක්ෂේත්‍රය ජයගත් ඩන්කන් වයිට්, රෝසා, සුසන්තිකා ජයසිංහ, සුගත් තිලකරත්න, අජන්ත මෙන්ඩිස් යන ශ්‍රී ලංකා ජාතියට ගෞරවයක් ගෙන දුන් ක්‍රීඩා තරු රැසකගේ නම් ආවර්ජනය කරමින් යුද හමුදා ක්‍රීඩා අංශය විසින් ජාතියට කරන ලද විශිෂ්ඨ සේවාව පිළිබඳ දීර්ඝ විස්තරයක් කළ සුනිල් ගුණවර්ධන මහතා ඉදිරියේදී ද යුද හමුදා ක්‍රීඩා අංශය මගින් ජාතික මට්ටමේ ක්‍රීඩකයන් විශාල සංඛ්‍යාවක් බිහිකරනු ඇති බවට සිය විශ්වාසය පළ කර සිටියේය.
     
    අනතුරුව ආරක්ෂක ලේකම්වරයා ඇතුළු පිරිස විසින් ආරම්භයේ සිටම ජගත් කෙළිමඩලේ රන්, රිදි සහ ලෝකඩ කිරුළු දිනාගන්නා ලද ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ඒ ඒ අවස්ථාවලදී ගන්නා ලද ඡායාරූප ඇතුලත් ඡායාරූප ප්‍රදර්ශණය නරඹන ලදී.
     
    මෙම අවස්ථාව සඳහා හිටපු යුද හමුදාපතිවරුන්, ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් එම්.අයි.එම්. රාෆීක්, ආසියානු හා ඔලිම්පික් තරගවලදී පදක්කම් දිනාගන්නා ලද ප්‍රවීණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් ද සහභාගී වූහ. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya