මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ධම්මික වෙනුවට දුෂ්මන්ත චමීර ලෝක කුසලානයට

    පෙබරවාරි 10, 2015

    එළැඹෙන ලෝක කුසලාන තරගාවලියේ පුහුණු සැසියකට සහභාගීවෙමින් සිටින අතර තුවාල ලැබූ ශී‍්‍ර ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන කී‍්‍රඩක ධම්මික ප‍්‍රසාද් වෙනුවට වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ලෝක කුසලාන තරගාවලිය සඳහා ශී‍්‍ර ලංකා පිලට තෝරා ගැනීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

    කණ්ඩායම් කළමණාකාරීත්වය සමඟ සාකච්ඡාවකින් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව මෙම තීරණයට එළඹුණු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරන අතර ශ්‍රී ලංකා තේරීම් කමිටුවේ තීරණය ජගත් පාලක මණ්ඩලයේ තාක්ෂණික කමිටුව විසින් ද අනුමත කළ යුතු වේ.

     

    23 හැවිරිදි දුෂ්මන්ත චමීර පසුගියදා නවසීලන්ත එක්දින තරගාවලිය අතර මැද ශ්‍රී ලංකා පිලට කැඳවීම් ලැබ වෙලින්ටන්හි පැවැති අවසන් එක් දින තරගයට ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබා  එම තරගයේදී ලකුණු 60ට කඩුලු 2ක් බිඳ දමමින් සිය දක්ෂතා දැක්වීය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya