මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාත්‍යන්තර ප‍්‍රජාවේ ගෞරවනීය සාමාජිකයකු ලෙස ආගමනය කිරීමට ශ‍්‍රී ලංකාවට කාලය එළැඹ ඇත - ඇමරිකාව

    පෙබරවාරි 09, 2015
    නව රජයක් බලයට පත්කර ගැනීම පිළිබඳව ශ‍්‍රී ලාංකීය ජනතාවට ප‍්‍රශංසා කරන ඇමරිකා එක්සත් ජනපදය, ජාත්‍යන්තර ප‍්‍රජාවේ ගෞරවනීය සාමාජිකයකු ලෙස තමන්ට අයිති ස්ථානයට පැමිණීම සඳහා ශ‍්‍රී ලංකාවට කාලය පැමිණ ඇතැයි පවසයි.
     
    ‘ඇමරිකා එක්සත් ජනපදයේ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් ඇන්තනි ජේ. බ්ලින්කන් මහතා සඳහන් කරන්නේ යහපාලනය සඳහා පරිවර්තනීය ඉදිරි පියවරක් තමන්ට අවශ්‍ය බවට යාපනයේ සිට ගාල්ල දක්වා ඡන්ද පෙට්ටියෙන් සංඥාවක් ශ‍්‍රී ලාංකිකයන් විසින් නිකුත්කර ඇතැයි’ යනුවෙනි.
     
    නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරයා මේ අදහස් පළකළේ ශ‍්‍රී ලංකාවේ 67 වන නිදහස් දිනය සැමරීම සඳහා වොෂින්ටනයේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයේ පැවති උත්සව සභාවක් අමතමිනි. මේ වසරේදී මුළු ලෝකයම ශ‍්‍රී ලංකාව සමඟින් නිදහස් දිනය සමරන බව ද ඒ මහතා කීය.
     
    ‘ජනවාරියේ පැවති මැතිවරණයෙන් පසු ගතවූ කෙටි කාලය තුළ අත්කරගෙන ඇති ජයග‍්‍රහණයන් පිළිබඳ ආඩම්බර වීමට ඔබට සියලු කරුණු ඇත’. ‘ඔබ රටේ මෙතෙක් පැවති ඉතාම සාර්ථක මැතිවරණයෙන් අනතුරුව ප‍්‍රජාතන්ත‍්‍රවාදී සිහිනයේ ආරක්‍ෂකයන් ලෙස ඇමරිකානුවන් සමඟ අභිමානයෙන් පෙළ ගැසීමට ශ‍්‍රී ලාංකිකයන්ට දැන් හැකියාව ලැබී ඇත’.
     
    බලයට පත්වී සති හතරක් වැනි කෙටි කාලයක් තුළ ශ‍්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත් අපේක්‍ෂා සහිත වැඩසටහනක් ක‍්‍රියාවට නංවමින් සිටින බව ද සහකාර ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා සඳහන් කර ඇත . ජනාධිපතිවරයා මාධ්‍ය වාරණය ඉවත්කර රාජ්‍ය ආයතනවල ස්වාධීනත්වය ප‍්‍රතිස්ථාපනය කොට කිහිප දෙනෙකුගේ පමණක් නොව සියලු ශ‍්‍රී ලාංකිකයන්ගේ මානව අයිතීන්ට ගරු කිරීමට ප‍්‍රතිඥා දී ලෝක අවධානයට පාත‍්‍ර වූ බව ද බ්ලින්කෙන් මහතා පැවසීය.
     
    කොළඹ පැවති නිදහස් දින සැමරීමට දෙමළ ජාතික සන්ධාන සාමාජිකයන් සහභාගිවී සිටිනු දැකීමට ලැබීම විශේෂයෙන් සිත් ගත් දෙයක් බව ද බ්ලින්කන් මහතා වැඩිදුරටත් කියා සිටියේය.
     
    ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන යුද්ධයේදී මියගිය සියලු ශ‍්‍රී ලාංකිකයන් සිහිපත් කිරීම හා අහිංසකයන්ගේ රුධිර ගංගාවකින් ශ‍්‍රී ලංකාව නැවත තෙත් වී නොයන බවට සපථ කිරීම පිළිබඳ ව අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කරන්නේ එය ශ‍්‍රී ලංකාවේ වේදනා සමනය කිරීම උදෙසා තැබූ වැදගත් පියවරක් බව හා ප‍්‍රගතිය එතැනින් නතර නොකළ යුතු බවත් ය.
     
    ‘ඔබ මෙතැනින් නතර නොවනු ඇති බව මාගේ බලාපොරොත්තුවයි. ශ‍්‍රී ලංකාව තුළ වෙනස්කම් සඳහා පිළියම් යෙදීමේදී ඔබ අත්කර ගෙන ඇති ප‍්‍රගතියේ හා සංහිඳියාවේ සාර්ථකත්වය ලෝකය සමඟ බෙදා හදා ගත යුතුය’.
     
    ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිදහස හා දේශපාලන අයිතීන් විස්තීරණය කිරීමේ දූෂණ වැලැක්වීමේ හා මූල්‍ය අපරාධ විමර්ශනය කිරීමේ හා තිරසාර ආර්ථික වර්ධනය ප‍්‍රවර්ධනය කිරීමේ ශ‍්‍රී ලංකාවේ ව්‍යායාමයන් සඳහා ඇමරිකාවේ සහයෝගය පිළිබඳව බ්ලින්කන් මහතා සහභාගී විය.
     
    ශ‍්‍රී ලංකාවට සන්තෘෂ්ටියෙන් හා සෞභාග්‍යයෙන් පිරුණු අනාගතයක් අපට පෙනේ. ශ‍්‍රී ලංකාවේ ඊළඟ පරම්පරාවට කිසිදා නොවූ ලෙස සාමයේ හා අභිමානයේ සතුට භුක්ති විඳිය හැකිවීම අපි සැවොම එක්ම සැමරිය යුතු වන්නෙමු.
     
    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya