මැයි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තුවාල ලැබූ ධම්මික ප්‍රසාද්ට ලෝක කුසලාන තරගාවලිය අහිමි වෙයි

    පෙබරවාරි 09, 2015

    ශී‍්‍ර ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන කී‍්‍රඩක ධම්මික ප‍්‍රසාද් තුවාල ලැබීම නිසා ලෝක කුසලාන තරගාවලියෙන් ඔහුට ඉවත් වීමට සිදුවිය හැකි යයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය පවසයි.

    පසුගියදා (07) පැවැති පුහුණු සැසියක පන්දු යවමින් සිටියදී පිතිකරුවාගෙන් ලැබුණු උඩපන්දුවක් රැකගැනීමට යාමේදී ධම්මික ප‍්‍රසාද්ගේ සුළැගිල්ලේ පන්දුව වැදීමෙන් ඔහු තුවාල ලැබීය. 

     

    ඔහුගේ සුළැගිල්ලේ අස්ථියක් පුපුරා ගොස් ඇතැයි වෛද්‍ය පරීක්‍ෂණ වලදී හෙළිදරව් වී තිබේ. එම හේතුවෙන් එළඹෙන ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීමේ අවස්ථාව ඔහුට අහිමි වී යනු ඇතැයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය නිවේදනය කරයි.

     

    ධම්මික ප‍්‍රසාද්ගේ ස්ථානයට වෙනත් කී‍්‍රඩකයකු ආදේශ කිරීම සඳහා අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ නියමිත ක‍්‍රමවේදය අනුගමනය කරමින් සිටින බවත් මේ දක්වාම ආදේශිත කී‍්‍රඩකයා තෝරාගනු ලැබ නැති බවත් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය නිවේදනය කරයි.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya