මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිල් අහස ඡයගත් පැරෂුට් ගුවන් විරුවෝ විසිර යති

    පෙබරවාරි 06, 2015
    ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ  29 වන මුලික පැරෂුට් පාඨමාලාව හැදෑරු ගුවන් භටයන් හා කාන්තාවන්  විසිර යාමේ පෙළපාලිය ගුවන් හමුදාධිපති එයාර් මාෂල් කෝලිත ගුණතිලක මහතා ගේ ප‍්‍රධානත්වයෙන් අම්පාර ගුවන් හමුදා කදවුරේදී ඊයේ (06) වන දින පෙරවරුවේ අභිමානවත් අයුරින් පැවැත්විණ.
     
    මෙම විසිරයාමේ පෙළපාලියේ දී මුලික පැරෂුට් පාඨමාලාව සාර්ථකව අවසන් කළ ගුවන් හමුදා නිලධාරින් 07 දෙනෙකු  ගුවන් භයන් 26 දෙනෙකු හා ගුවන්  කාන්තාවක්  ඇතුළු ගුවන් හමුදාවේ 34දෙනෙකු ද පොලිස් විශේෂ බලකා නිලධාරියකු, පොලිස් විශේෂ බලකා සෙබලෙකු හා නාවික හමුදා සෙබලෙකු ඇතුළු රණවිරුවන් 37 දෙනෙකු හට පැරෂුට් නිල ලාංඡන පැලදවීම ගුවන් හමුදාපතිවරයා විසින් සිදු කරන ලදී.
     
    නිල් අහස ඡයගත්  විරුවන් අතුරින්  පාඨමාලාව තුළ දැක්වු දක්ෂතාවයන් වෙනුවෙන් දක්ෂත ම පැරෂුට් භටයාට හිමි කුසලානය 31555 කොප‍්‍රල් එම්.කේ.ඒ.ඒ.එන් කිත්සිරි විසින් හිමිකර ගන්නා ලදී. 
     
    මෙම විසිරයාමේ පෙළපාලිය විචිත‍්‍රවත් කරමින් අඩි 5000ක් ඉහළ අහසේ සිට  නිදහසේ පොළොව මතට පතිත වෙමින් ශී‍්‍ර ලංකා ගුවන් හමුදා පැරෂුට් කණ්ඩායම විසින්  පැරෂුට් සංදර්ශනයක්  ඉදිරිපත් කළ අතර ගුවන් හමුදා තුර්ය වාදක කණ්ඩායම  විසින් තුර්ය වාදක සංදර්ශනයක්ද ඉදිරිපත් කරන ලදී.
     
    මෙම අවස්ථාව සඳහා ගුවන් හමුදාපතිවරයා ඇතුළු ගුවන් හමුදා අධ්‍යාපන මණ්ඩලයේ නිලධාරින් මෙන්ම අම්පාර ගුවන් හමුදා කදවුරු අණදෙන නිලධාරි ගෲප් කැප්ටන් චමින්ද වික‍්‍රමරත්න, පැරෂුට් පුහුණූ පාසලේ අණදෙන නිලධාරි වින්ග් කර්මාන්ඩර් ඡගත් ගොඩකන්ද ඇතුළු ති‍්‍රවිධ හමුදා හා  පොලිස්  නිලධාරින් මෙන්ම සෙසු නිලයන් ඇතුළු මෙම පාඨමාලාවෙන් විසිර යන  විරුවන් ගේ පවුල්වල  සාමාඡික සාමාඡිකාවන් විශාල පිරිසක්ද සහභාගී වූහ.
     
    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya