මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    චීන ශ්‍රී ලංකා සම්බඳතා තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යන බවට ජනපතිගෙන් ප්‍රකාශයක්

    පෙබරවාරි 06, 2015
    චීන ශ්‍රී ලංකා සම්බඳතා තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යන බව ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
     
    චීන අලුත් අවුරුදු උත්සවයට සුභ ප්‍රාර්ථනා එවමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ. චීන තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන ලද චීන සම්ප්‍රදායික අලුත් අවුරුදු උත්සවය පසුගිය දා කොළඹහිදී පැවැත්විණ.
     
    චීන ජනාධිපති ශී චින් පිං මහතාගේ පසුගිය සැප්තැම්බරයේ යෙදුණ ශ්‍රී ලංකා නිල සංචාරය සිහිපත් කරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඔහුගේ පාලන කාලය තුළ සම්බඳතා තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යන බව පවසයි.
     
    චීනය හා ශ්‍රී ලංකාව අතර දීර්ඝ කාලයක් තිස්සේ විශිෂ්ට සම්බන්ධතාවක් පවතී. එය මිත්‍රත්වය හා අන්‍යෝන්‍ය ගරුත්වය පදනම් වූවක් බව ජනාධිපතිවරයාගේ සුභ පැතුම් පණිවිඩයේ සඳහන් වේ.
     
    දෙරටටම වැඩදායක වන උපායමාර්ගික සහයෝගිතාවකට අවස්ථාව උදා වී තිබේ. චීනය සිය ජනතාව වෙනුවෙන් ලබා ගත් ජයග්‍රහණ ද කිට්ටු මිතුරෙකු වශයෙන් ශ්‍රී ලංකාව හැම විටම අගය කරයි. 2015 වසර චීන සම්ප්‍රදායට අනුව එළුවාගේ වසරයි. මෙය සබඳතා වර්ධනය වන වසර ලෙස හැඳින් විය හැකි යැයි ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය සුභ පැතුම් පණිවිඩයේ කියා සිටී.
     
    CRI

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya