මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෙවර ලෝක කුසලාන ක්‍රිකට් විකාශනය ජාතික රූපවාහිනියට

    පෙබරවාරි 05, 2015
    2015 ලෝක කුසලාන ක්‍රිකට් විකාශන කටයුතු ජාතික රූපවාහිනිය හරහා සිදු කෙරෙන බවත් එළැඹෙන ක්‍රිකට් තරගාවලියේ සිට විවෘත ලංසු තැබීමක් හරහා විකාශන කටයුතු ලබාදෙන බවත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
     
    කාල්ටන් ක්‍රීඩා නාලිකාව රජයට ගෙවිය යුතු බදු මුදල් ගෙවිය නොහැකි බව දැනුම් දී ඇති බවත් කී අමාත්‍යවරයා ලෝක කුසලාන තරගය සඳහා කෙටි කාලයක් පවතින බැවින් එම විකාශන කටයුතු ලබාදීම සම්බන්ධයෙන් කටයුතු කිරීමට කාලයක් නොමැති බැවින් මෙම තීරණය ගත් බවත් පැවසීය.
     
    මෙහිදී මාධ්‍යවේදියෙකු කාල්ටන් ක්‍රීඩා නාලිකාව රජයට පවරාගැනීමක් සිදුකරන්නේ ද යන්න ප්‍රශ්න කළ අතර එවැන්නක් සිදු නොවන බව අමාත්‍යවරයා විසින් පවසන ලදී.
     
    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විසින් මෙවර ලෝක කුසලානය දිනාගත හොත් ඔවුන් සඳහා දිරි දීමනාවක් වශයෙන් රුපියල් මිලියන 130ක මුදලක් ලබාදීමට ද අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත. මෙම මුදල් භාණ්ඩාගාරයෙන් නොව පෞද්ගලික අංශය හරහා ලබාගැනීමට කටයුතු කිරීමට මෙහිදී මුදල් අමාත්‍යවරයා විසින් කැමැත්ත පළ කොට ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya