මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිදහස් උළෙලට චීන ජනාධිපතිගෙන් සුබ පැතුම්

    පෙබරවාරි 05, 2015
    67වැනි ජාතික නිදහස් දින උළෙල වෙනුවෙන් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සුබ පැතුම් එක් කොට ඇත.
     
    චීන ජනාධිපති ෂී ජින් පිං මහතා විසින් නිකුත් කළ නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.
     
    ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජය ස්ථාපිත වීමේ 67 වැනි සංවත්සරය නිමිත්තෙන් චීන රජය හා ජනතාව වෙනුවෙන් මෙන් ම පෞද්ගලික වශයෙනුත් ඔබ තුමන් වෙතත් ශ්‍රී ලංකා රජය හා ජනතාව වෙතත් උණුසුම් සුබ පැතුම් සහ හෘදයාංගම ආශිර්වාද පිරිනමමි. 
     
    චීනය හා ශ්‍රී ලංකාව සම්ප්‍රදායික මිත්‍රශිලී අසල්වැසි රටවල් දෙකකි. ඉතිහාසයේ සිට ම ගොඩනගා තිබූ දෙරටේ සබඳතාව වර්තමානයේ දී තවදුරටත් ශක්තිමත් වෙමින් පවතී. ඒ ඒ ක්ෂේත්‍රවල අනෝන්‍ය යහපත් ද්විපාර්ශවික සහයෝගතා මඟින් දෙරටේ ජනතාවට වැදගත් ඵලප්‍රයෝජන ඇති වී තිබේ. 
     
    පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ මම ශ්‍රී ලංකාවේ සාර්ථක නිල සංචාරයක නිරත විමි. ශ්‍රී ලංකා ජනතාව චීන ජනතාවට දැක් වූ ගැඹුරු මිත්‍රත්වය එම අවස්ථාවේදී මට ඉතා හොඳින් වැටහිණ. චීන ශ්‍රී ලංකා සබඳතා සංවර්ධනය ඉහළින් වැදගත් කොට සලකමි. දෙරටේ අවංක අනෝන්‍ය සහය හා පාරම්පරික මිත්‍රශීලි උපාය මාර්ගික සහයෝගිතා සබඳතාව තවදුරටත් ශක්තිමත් ලෙස ඉදිරියට ගෙන යාම සඳහා ඔබ තුමන් සමඟ එක්ව කැපවීමක් දැක්වීමට මම කැමැත්තෙමි. 
     
    ශ්‍රී ලංකාව සමෘද්ධිමත් වේවායි ද ජනතාවට යහපත සැලසේවායි ද මම ප්‍රාර්ථනා කරමි.
     
    ෂී ජින්පීං
    චීන මහජන සමූහණ්ඩු ජනාධිපති 
    බෙයිජිං  
    2015.2.4 
     
    CRI
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya