මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මානව හිමිකම් ප‍්‍රවර්ධනයට ශී‍්‍ර ලංකාවේ නව රජය දැනටමත් පියවර අරන් - හියුමන් රයිට්ස් වොච්

    ජනවාරි 31, 2015

    නිදහස් ප‍්‍රකාශනය හා අනෙකුත් අයිතීන් වර්ධනය කිරීම සඳහා ශී‍්‍ර ලංකාවේ නව රජය දැනටමත් පියවර ගෙන ඇති බව හියුමන් රයිට්ස් වොච් ආයතනය සිය 2015 - වාර්තාව එළි දක්වමින් සඳහන් කර ඇත.

    හියුමන් රයිට්ස් වොච් 2015 වාර්තාව අවසන් කිරීමෙන් පසු බලයට පත් වු නව රජය වෙබ් අඩිවි තහනම ඉවත් කිරීම මාධ්‍ය වාරණය ලිහිල් කිරීම හා 2009 දී සිදු වු මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංගගේ ඝාතනය පිළිබඳ නව පරීක්ෂණයක් පැවැත්වීම මේ වන විටත් සිදු කර ඇති බව එම සංවිධානය බ‍්‍රස්පතින්දා එළි දැක්වුණු වාර්තාවට සමඟාමී ව නිකුත් කරන ලද නිවේදනයක සඳහන් කර ඇත.

     

    එපමණක් නොව රාජ්‍ය අධීක්ෂණය හා බලපෑම ද ඉවත් කර ඇති බව ද කි‍්‍රයාකාරීන් හා මාධ්‍යවේදින් විසින් වාර්තා කර ඇත. ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත අවභාවිතා කිරිම හේතුවෙන් අත්අඩංගුවට ගෙන සිටින රැුඳවියන්ගේ සම්පූර්ණ ලැයිස්තුවක් විමර්ශනය කිරීම සඳහා රජය විසින් ඉල්ලා ඇත.

     

    පෙර පැවැති රජය විශේෂයෙන් පසුගිය යුද අපරාධ චෝදනාවන්ට සාධාරණත්වය ඉල්ලා සිටි මානව හිමිකම් කි‍්‍රයාකාරීන් හා මාධ්‍යවේදීන් වෙත එල්ල කරන ලද පීඩනය දැඩි කළ බව ඊයේ එළි දැක්වුණු හියුමන් රයිට්ස් වොච් 2015 වාර්තාවෙහි සඳහන් වේ.

     

    උතුරේ දෙමළ ජනයා බහුතරයක් වෙසෙන ප‍්‍රදේශවල පැවැති දැඩි අධීක්ෂණය, කි‍්‍රයාකාරීන් රඳවා තැබීම හා උතුරේ මාධ්‍යවේදීන් පුහුණු කිරීම සඳහා දකුණේ දී සංවිධානය කරන ලද වැඩමුළු නැවැත්වීම පිළිබඳ ව ඊයේ නිකුත් කෙරුණු පිටු 65 කින් සමන්විත හියුමන් රයිට්ස් වොච් 2015 ලෝක වාර්තාවෙහි සඳහන් වේ.

     

    පශ්චාත් අර්බුද වාර්තාවල බලපෑමට ලක් වු ප‍්‍රජාවන් වෙනුවෙන් රාජපක්ෂ රජය විසින් කි‍්‍රයාවට නැංවු නැවත පදිංචි කිරීම හේතුවෙන් දැඩි ලෙස බලපෑමට ලක් වු බව හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ ආසියා අධ්‍යක්ෂ බ‍්‍රෑඩි ඇඩම්ස් සඳහන් කරයි.

     

    සියලූ දෙනාට විශේෂයෙන් සුළු ජාතීන්ගේ හා රජයේ විවේචකයන්ගේ සාධාරණක්වය හා අයිතීන් සුරක්ෂිත කිරීමේ දීර්ඝ චාරිකාවට ශී‍්‍ර ලංකාව යොමු කිරීමේ වගකීම නව රජය සතු බව ඇඩම්ස් තවදුරටත් කියා සිටියේය.

     

    2009 අවසන් හමුදා මෙහෙයුමේ සිට සිදුව ඇති අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම්, බලහත්කාර අතුරුදහන් කරවීම් හා ඝාතන පිළිබඳව විමර්ශනය කිරීම අළුතෙන් පත් වු නව රජය විසින් සිදු කළ යුතු බව ද සංවිධානය සඳහන් කරයි.

     

    ශී‍්‍ර ලංකාවේ දීර්ඝ කාලීන ගැටුමේ දී දෙපාර්ශවය විසින් ම සිදු කළා වු කෘරකම්වල වින්දිතයන්ට සාධාරණත්වය සඳහා වන පළමු සැබෑ බලාපොරොත්තුව වන්නේ එක්සත් ජාතීන්ගේ විමර්ශනයක් යැයි ද සාධාරණත්වයට පෙර පැවැති එදිරිවාදිකම් අවසන් කරන ලෙස ද හියුමන් රයිට්ස් වොච් සංවිධනය නව රජයෙන් ඉල්ලා සිටී.

     

    PRIU

               

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya