මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශී‍්‍ර ලංකාවෙන් වකුගඩු - ඩෙංගු රෝග තුරන් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධාන සහාය

    ජනවාරි 29, 2015

    වකුගඩු හා ඩෙංගු රෝග මෙරටින් තුරන් කිරීම සඳහා පූර්ණ සහාය ලබාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානය තීරණය කරයි.

    වකුගඩු රෝගයත්, ඩෙංගු රෝගයත් මෙරටින් තුරන් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය ප‍්‍රමුඛ සියලූ අමාත්‍යාංශයන්හි කි‍්‍රයාකාරී දායකත්වය සහිත විශේෂ වැඩපිළිවෙළක් සකස් කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශී‍්‍ර ලාංකික නිත්‍ය නියෝජිත අර්වින් මතූර් මහතා අවධාරණය කර ඇත.

     

    සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශී‍්‍ර ලාංකික නිත්‍ය නියෝජිත අරවින් මතූර් මහතා අතර හමුවක් පසුගිය දා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි. එහිදී අර්වින් මතූර් මහතා මේ බව ප‍්‍රකාශ කර ඇත.

     

    වත්මන් රජයේ වැඩපිළිවෙළ හා විෂය යාන්ත‍්‍රණය අගය කළ අරවින් මතූර් මහතා එම වැඩසටහනෙහි මතු ප‍්‍රවර්ධනය සඳහා පූර්ණ අනුග‍්‍රහය දක්වන බව පැවසුවේය.

     

    මෙරටින් වාර්තා වන මන්ද පෝෂණ තත්ත්වය දුරු කිරීම සඳහා අවශ්‍ය උපදෙස් සහ අනුග‍්‍රහය ලබාදීමට ද ඒ මහතා එකඟතාව පළ කර ඇත.

     

    බෝ නොවන රෝග සම්බන්ධයෙන් ඉදිරියේදී විශේෂ ඒකකයක් ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වන බවත් දුම්වැටි අලෙවිකරණයේදි 80%දක්වා රූපමය අවවාද වැඩි කරන බවත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසුවේය.

     

    එය අතිශය ඇගැයීමට ලක් කළ අර්වින් මතූර් මහතා නීති විරෝධී ලෙස දුම්කොළ ආශී‍්‍රතව කරන නිෂ්පාදන සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප‍්‍රතිපත්තින් හා සම්මුතීන් සමඟ එකඟත්වයෙන් හා සමගාමීව කි‍්‍රයා කළ හැකි වැඩපිළිවෙළක් නොපමාව සකසා දෙන බව ද කීය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya