මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට නව බලා‍පොරොත්තුවක් ගොඩනැගී ඇතැයි ඇමරිකානු ජනපති කියයි

    ජනවාරි 29, 2015

    ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට නව බලා‍පොරොත්තුවක් ගොඩනැගී ඇති බවත් ඉන්දියාවට ශ්‍රී ලංකාවේ අනාගතය ස්ථාවරව ඉදිරියට ගෙන යාමට ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා මහතා පවසයි.

    ඇමරිකානු ජනාධිපති සිය ඉන්දීය නිල සංචාරයේ දී පැවැත් වූ කතාවක් අතරතුර දී මේ බව ප්‍රකාශ කර ඇතැයි ධවල මන්දිර වෙබ් පිටුව සඳහන් කරයි.

     

    ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව නව බලාපොරොත්තු පිබිදෙන කලාපයේ බුරුමයේ සිට ශ්‍රී ලංකාව දක්වා වූ රටවල්වලට සිය අනාගතය ගොඩනඟා ගැනීමට කලාපීය දේශපාලන බලවතා වන ඉන්දියාවට සහය විය හැකි බවත් ඇමරිකානු ජනාධිපති පවසා ඇත.

     

    මැතිවරණ පැවැත්වීම පිළිබඳව ඉන්දියාවට ඇති අත්දැකීම් සමඟ අනෙකුත් රටවල දේශපාලන හා මැතිවරණ සඳහා සහය වීමට ද හැකි බවත් ඔවුන්ගේ විද්‍යාත්මක දියුණුව හා වෛද්‍යවිද්‍යාත්මක විශේෂඥ දැනුම මඟින් ලෝකයේ බොහෝ රටවල රෝගවලට පිළියම් සෙවීමටත් හැකියාව ඇතැයි ජනාධිපතිවරයා එහිදී පවසා ඇත.

     

    එකට එකතුව ලෝකයේ මානුෂීය ජාවාරම් හා නූතන මිනිස් වහල් ක්‍රමයට විරුද්ධව නැඟී සිටින්නට හැකියාව ඇතැයි ද තවදුරටත් ඔහු ප්‍රකාශ කර ඇති බව සඳහන් වේ.

     

    ඇමරිකානු ජනාධිපතිවරයා ඊයේ (27) සිය ඉන්දීය නිල සංචාරය නිමා කළේය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya