මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක වෙළඳ පොලේ බොරතෙල් මිල තවදුරටත් පහළට

    ජනවාරි 17, 2015

    ලෝක වෙළඳ පොලේ බොරතෙල් මිල ඊයේ (16) දිනයේ තවදුරටත් පහළ වැටී ඇත. ඒ අනුව, බි‍්‍රතාන්‍ය වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 46 .69 ක් ලෙස දැක්වේ.

    ඇමෙරිකානු වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 47.67 ක් ලෙස සඳහන් වේ.

     

    තෙල් ලබා ගැනීම සඳහා කැණීම් කටයුතු විශාල වශයෙන් ව්‍යාප්ත වීමත් සමඟ දිනකට ලෝක වෙළඳ පොළට එක් වන බොර තෙල් බැරල් ප්‍රමාණයේ වැඩි වීම හේතුවෙන් මෙලෙස තෙල් මිල පහළ වැටෙන බව වෙළඳ පොළ විශේෂඥයන් පෙන්වා දෙයි.

     

    ලොව විශාලතම බලශක්ති පාරිභෝගිකයෙකු වන ඇමෙරිකාවේ තෙල් නිෂ්පාදනය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. 2014 ජුනි මාසයේ සිට ලෝකවෙළඳපොලේ තෙල් මිල ඉතා පැහැදිලි ලෙස පහළ ගොස් ඇත.

     

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya