මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    චීන අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකා නව අග්‍රාමාත්‍යවරයාට සුබපතයි

    ජනවාරි 12, 2015

    චීන අග්‍රාමාත්‍ය li ke qiang මහතා ශ්‍රී ලංකා නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සුබපතයි. එම සුබ පැතුම් පණිවුඩය,

     
    "ඔබ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය ධූරයට පත් වීම නිමිත්තෙන්, චීන රජය හා ජනතාව වෙනුවෙන් සහ පෞද්ගලිකව ද ඔබ වෙත හෘදයාංගම සුබ පැතුම් පිරිනමමි.
     
    චීනය සහ ශ්‍රී ලංකාව සාම්ප්‍රදායික මිත්‍රශීලී අසල්වැසි රටවල් දෙකකි. ද්විපාර්ශවික රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා ගොඩනගා ගැනීමේ 58 වන සංවත්සරය මෙම වසරට යෙදෙයි. වර්තමානයේදී දෙරට අතර විවිධ ක්ෂේත්‍ර තුළ සහ විවිධ මට්ටම්වල සමීප සම්බන්ධතා ‍ඇති වී තිබේ. එම සහයෝගිතා මඟින් දෙරටට ම යහපත් ප්‍රතිඵල ලැබී ඇතැයි යන්න මගේ විශ්වාසයයි. දෙරටේ ජනතාව අතර මිතුදම ද ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතී.
     
    චීනය, ශ්‍රී ලංකාව සමඟ සම්බන්ධතාව උතුම් කොට සලකයි. 
     
    අන්‍යෝන්‍ය ගරුත්ව‍යේ සහ සමානාත්මතාවයේ පදනම මත, ශ්‍රී ලංකාව සමඟ අවංක අන්‍යෝන්‍ය සහයෝගය වර්ධනය කරමින් පාරම්පරික සුහද ද්විපාර්ශවික උපක්‍රමික හවුල්කාරිත්වය අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට අප රජය කැමැත්තෙන් සිටියි. ශ්‍රී ලංකාව සමඟ එක්ව දෙරටේ ම ජනතාවට සෙත සැලසෙන පරිදි පොදු ජයග්‍රහණ අත් කර ගැනීමට චීනය කැමැත්තෙන් සිටින බව ද අවංකව ම ප්‍රකාශ කරනු කැමැත්තෙමි.
     
     
    ඔබගේ සියලු ම අධිෂ්ඨාන සඵල වේවා! ඔබට නිදුක් නීරෝගී සුවය ලැබේවා!"
     
    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya