මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බැරක් ඔබාමා නව ජනපතිට සුභ පතයි

    ජනවාරි 10, 2015

    2015 ජනාධිපතිවරණය ජයග්‍රහණය කරමින් නව ජනාධිපති ලෙස පත් වූ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට සුභ පතන ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති බැරක් ඔබාමා මැතිතුමා ශ්‍රී ලංකීකයන් සාමකාමී, සාර්ථක ජනාධිපතිවරණයක් පැවැත්වීමට කටයුතු කිරීම පිළිබඳව ද ප්‍රශංසා කරමින් සුභ පතයි.

    ජන මතය නිහතමානීව පිළිගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ද සිය ප්‍රශංසාව හිමිවන බව ඔබාමා මැතිතුමා ප්‍රකාශ කර ඇත.

     

    ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරගන්නා නවරජය යටතේ ශ්‍රී ලංකාව තුළ පවතින ප්‍රජාතන්ත්‍රවාදය සහ සාමකාමී වාතාවරණයතවදුරටත් පවත්වා ගැනීමට කටයුතු කරනු ඇති බවට තමන් විශ්වාස කරන බව එම නිවේදනයේ සඳහන් වේ.

     

    එමෙන්ම ජනාධිපතිවරණය සාමකාමී අයුරින්පැවැත්වීම සදහා කැපවී කටයුතු කළමැතිවරණ කොමසාරිස්, දෙස්විදෙස් නිරීක්ෂකයන් හා ආරක්ෂක නිලධාරීන් ඇතුළු සිවිල් ජනතාවට ද ඒ මහතා ප්‍රශංසා කර ඇත.

     

    2015 ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ ශ්‍රී ලංකීකයන් සඳහා වඩා හොඳ සාමකාමී, ප්‍රජාතන්ත්‍රවාදී සහ සෞභාග්‍යමත් රටක් ගොඩනැගීමට සිය රජය උපරිම සහයෝගය ලබා දීමට අපේක්ෂා කරන බව ද ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති බැරක් ඔබාමා මැතිතුමා අවසන් වශයෙන් එම නිවේදනයේ සඳහන් කරයි.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya