මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    චීන ජනාධිපති ෂී චින්පිං මහතා නව ජනාධිපති වෙත සුබ පැතුම් එක් කරයි

    ජනවාරි 10, 2015

    චීන ජනාධිපති ෂී චින්පිං මහතා ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත සුබ පැතුම් එක් කරයි.

    චීන ජනාධිපති ෂී චින්පිං මහතාගේ එම සුභ පැතුම් පණිවිඩය මෙසේය,

     

    “ඔබ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ධුරයට පත් වීම නිමිත්තෙන්, චීන රජය හා ජනතාව වෙනුවෙන් සහ පෞද්ගලිකව ද මම ඔබ වෙත උණුසුම් සුබ පැතුම් හා ආශිර්වාද ප්‍රකාශ කරමි.

     

    චීනය සහ ශ්‍රී ලංකාව සාම්ප්‍රදායික මිත්‍රත්වය පවත්නා රටවල් දෙකකි. දෙරටේ රාජ්‍යතන්ත්‍රික සබඳතාව පිහිටුවා දශක ගණනාවක් ගත වීමෙන් පසු, දෙරට සුහදශීලි සහපැවැත්ම හා අන්‍යොන්‍ය සහයෝගතා පැවැත්වීම අතින් අසල්වැසි රටවල් අතර ආදර්ශයකි. මෑත වසරවලදී අවංක සහ අන්‍යොන්‍ය සහනාධාර හා පාරම්පරික මිත්‍රත්වය පදනමැති උපාය මාර්ගික හවුල්කාරිත්වයක් දෙරට අතර බිහි වී ඇත. දෙරටේ ඒ ඒ ක්ෂේත්‍රවල අන්‍යෝන්‍ය යහපත සහිත සහයෝගතා අඛණ්ඩව පුළුල් වෙමින් පවතින අතර දෙරට ජනතාවට සැබෑ ඵලප්‍රයෝජන අත් වී ඇත.

     

    චීනය සිය විශ්වාසනීය මිත්‍රයකු හා හවුල්කරුවකු වශයෙන් ශ්‍රී ලංකාව අගය කරයි. මම චීන-ශ්‍රී ලංකා සබඳතා වර්ධනය ඉහළින් වැදගත් කොට සලකමි. ඔබ සමඟ යහපත් සබඳතාවක් පිහිටුවා දෙරටේ උපාය මාර්ගික හවුල්කාරිත්වය නව මට්ටමක් දක්වා නංවාලීමට උත්සාහ දැරීමට මම කැමැත්තෙමි.

     

    ඔබ නිරත වන කටයුතු සියල්ලම සාර්ථක වේවායි නිරෝගිභාවය හා දීර්ඝායුෂ ලැබේවායි ප්‍රාර්ථනා කරමි.“

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya