මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    චීන රජයෙන් ශ්‍රී ලංකාවේ නව ජනාධිපති වෙත සුබ පැතුම්

    ජනවාරි 10, 2015

    චීනය ශ්‍රී ලංකාවේ නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත සුබ පැතුම් යොමු කරන බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක හොං ලෙයි මහතා පවසයි.

    අභිනව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මෙන්ම ශ්‍රී ලංකා රජය හා ජනතාවට සංවර්ධන මාවත ඔස්සේ නව ජයග්‍රහණ ලබා ගත හැකි වනු ඇතැයි චීනය අපේක්ෂා කරන බව හොං ලෙයි මහතා අවධාරණය කරයි.

     

    චීනය සහ ශ්‍රී ලංකාව සාම්ප්‍රදායික මිත්‍රත්වය පවත්නා රටවල් දෙකකි. මෑත වසරවලදී අවංක සහ අන්‍යොන්‍ය සහනාධාර හා පාරම්පරික මිත්‍රත්වය පදනම් වූ උපාය මාර්ගික හවුල්කාරිත්වයක් දෙරට අතර පිහිටුවාගෙන ඇත. දෙරටේ ඒ ඒ ක්ෂේත්‍රවල අන්‍යෝන්‍ය යහපත සහිත සහයෝගතාව අඛණ්ඩව පුළුල් වෙමින් පවතින අතර දෙරට ජනතාවට සැබෑ ඵල ප්‍රයෝජන අත් වී ඇත.

     

    ශ්‍රී ලංකාව සමඟ එක්ව දෙරටේ උපාය මාර්ගික හවුල්කාරිත්වයට නව ජයග්‍රහණ නෙළා ගැනීමට උත්සාහ දැරීමට චීනය කැමැත්තක් දක්වන බව හොංලෙයි මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

     

    SDF/ECB/CRI

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya