මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තානාපති කරුණාතිලක අමුණුගම ජර්මානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හමුවේ

    ජනවාරි 07, 2015
    ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති කරුණාතිලක අමුණුගම මහතා ජර්මානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් සංගමයේ (Christian Democratic Union- CDU) Jürgen Klimke මහතා, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ (Social Democratic Party of Germany- SPD) Niels Annen මහතා පසුගියදා ජර්මානු පාර්ලිමේන්තුවේ දී හමු වූහ.
     
    Klimke සහ Annen මහත්වරුන් ජර්මානු දකුණු ආසියානු පාර්ලිමේන්තු මණ්ඩලයේ සාමාජිකයින් 17 දෙනා අතර සිටින අතර ශ්‍රී ලංකාව පිළිබඳ ව උනන්දුවකින් කටයුතු කරන දෙදෙනෙකි.
     
     
    2002 වසරේ සිට ජර්මානු පාර්ලිමේන්තුවේ සාමාජිකයෙකු වන Jürgen Klimke මහතා ආර්ථික සහයෝගීතා සහ සංවර්ධන කමිටුවේ හා විදේශ කටයුතු පිළිබඳ කමිටුවේ නියෝජිතයෙකු ද වේ.
     
     
    ජර්මානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ (SPD)විදේශ ප්‍රතිපත්ති නායකයෙකු Niels Annen මහතා 2014 වසරේ සිට SPD පාර්ලිමේන්තු මණ්ඩලයේ විදේශ කටයුතු පිළිබඳ නියෝජිතයෙකු ද වේ. ඒ මහතා විදේශ කටයුතු පිළිබඳ කමිටුවේ ස්ථිර සාමාජිකයෙකු වන අතර ආර්ථික සහ බලශක්ති කමිටුවේ ආදේශික සාමාජිකයෙකු ද වේ.
     
     
    මෙම සාකච්ඡාව අතරතුර දී තානාපතිවරයා විසින් 2009 වසරේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය නිමා කළ පසු ශ්‍රී ලංකාවේ සමාජ-දේශපාලන, ආර්ථික සහ වෙළෙඳපොළ සංවර්ධනය පිළිබඳ ඉස්මතු කර පෙන්වන ලදී. ශ්‍රී ලංකාව වෙළෙඳපොළ හා ආයෝජන ක්ෂේත්‍රවලින් ජර්මනිය සමඟ සබඳතා පුළුල් කරගැනීමට මහත් උනන්දුවෙන් පසුවන බව ද අමුණුගම මහතා ප්‍රකාශ කර ඇත.
     
     
    තානාපතිවරයා විසින් දෙරට අතර ද්විපාර්ශවීය සබඳතා වර්ධනය කිරීම සඳහා මුල පිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධනයේ ගමනට සහය දැක්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු එකඟ වූහ.
     
    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya