මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රබල භූ කම්පනයකින් ක්‍රයිස්ට්චර්ච් සෙලවේ

    ජනවාරි 06, 2015
    ඒකක 5.6ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් අද (06) නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් නගරයෙන් වාර්තා විය. මෙම භූ කම්පනයෙන් කිසිදු බරපතල අනතුරක් හෝ දේපල හානියක් වාර්තා නොවූ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
     
    නවසීලන්ත වේලාවෙන් අද  උදෑසන 6.49ට පමණ මෙම කම්පනය සිදු වූ බව ඇමරිකා එක්සත් ජනපදයේ භූවිද්‍යා සමීක්ෂණ වාර්තා පෙන්වා දෙයි. 
     
    ක්‍රයිස්ට්චර්ච් ප්‍රදේශයේ 2,600ක පමණ ජනතාව මෙම භූ කම්පනය දැනුණු  බවට නවසීලන්ත භූ කම්පන නිරීක්ෂණ ඒජන්සිය GeoNet වෙත වාර්තා කළ බව විදෙස් මාධ්‍ය ප්‍රකාශ කරයි.
     
    මෙම භූ කම්පනයෙන් පසුව සුළු පසුකම්පන කිහිපයක් ද ඇති වූ බව GeoNet වාර්තා කරයි.
     
    මෙම කම්පනයෙන් කලාපයයේ කිසිදු සුනාමි අනතුරක් සඳහා අනතුරු ඇඟවීම් ද නිකුත් කර නොමැත.
     
    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya