මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එයාර් ඒෂියා ගුවන් යානයේ අනතුරට හේතුව එන්ජිමේ අයිස් බැඳීම

    ජනවාරි 05, 2015

    ඉන්දුනීසියාවට නුදුරු මුහුදේදී අනතුරට පත් ‘එයාර් ඒෂියා’ ගුවන් සමාගමට අයත් QZ 8501 යානයේ එන්ජිමේ අයිස් බැඳී එය අක්‍රීය වීම හේතුවෙන් යානය කඩා වැටී ඇති බව ඉන්දුනීසියානු කාලගුණවිද්‍යා ඒජන්සිය ප්‍රකාශ කරයි.

    මගීන් සහ කාර්ය මණ්ඩලයේ 162 දෙදෙනෙකු සමඟ ඉන්දුනීසියාවේ සුරබයා සිට සිංගප්පූරුව බලා ගමන් ගනිමින් සිටි එයාර් ඒෂියා මැලේසියානු එයාර් බස් යානය ඉකුත් දෙසැම්බර් 28 වැනි ඉරිදා උදෑසන අතුරුදන් විය.

     

    දැඩි වර්ෂාව සහ මුහුදේ රළු ස්වභාවය හේතුවෙන් ගුවන් යානයේ සුන්බුන් සොයා කෙරෙන මෙහෙයුම් තාවකාලිකව නවතා දැමීමට සිදුව ඇත.

     

    මේ වනවිට මළ සිරුරු තිහක් පමණ සොයා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya