මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංගක්කාර සිය 11වන ද්විත්ව ශතකය වාර්තා කරයි

    ජනවාරි 05, 2015

    කුමාර් සංගක්කාර නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දී සිය 11වන ද්විත්ව ශතකය වාර්තා කිරීමට සමත් විය.

    නවසීලන්තයේ වෙලින්ටන්හි බේසිං රිසර්ව් කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේ දී නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේ වූ ඊයේ (04) ලබාගත් මෙම අති විශිෂ්ට ද්විත්ව ශතකය නිසා පළමු ඉනිමේදී ලකුණු 135ක වාසියක් ලබාගැනීමට ද ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත් ව තිබේ.

     

    නවසීලන්ත පිල දෙවැනි ටෙස්ට් තරගයේ මුල් ඉනිම වෙනුවෙන් ලබාගත් ලකුණු 221ට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් ශී‍්‍ර ලංකා පිලට සිය මුල් ඉනිම වෙනුවෙන් ලකුණු 356ක් ලබාගත හැකි විය. එහිදී ශී‍්‍ර ලංකා පිල සඳහා සංගක්කාර ලකුණු 203ක් ලබාගත්තේය.

     

    සංගක්කාර පන්දු 301කදී හතරේ පහර 18ක් සහ හයේ පහර 3ක් සමඟ සිය ද්විත්ව ශතකය රැස් කළේය.

     

    සිය 11 වැනි ටෙස්ට් ද්විත්ව ශතකය ලබාගත් සංගක්කාර වැඩිම ටෙස්ට් ද්විත්ව ශතක ලාභීන්ගේ ලැයිස්තුවේ සිය නාමය සටහන් කරනුයේ ටෙස්ට් ද්විත්ව ශතක 12ක හිමිකරුවා වී සිටින ශී‍්‍රමත් ඩොනල්ඩ් බ‍්‍රැඩ්මන්ට පමණක් දෙවැනි වෙමිනි.

     

    එහිදී දිනේෂ් චන්දිමාල් ලකුණු 67ක් ලබා ගනිමින් සිය හයවැනි අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් විය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya