මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික ක්‍රීඩා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම 2015දී

    ජනවාරි 02, 2015
    නිදහසින් පසු දශක 6කට අධික කාලයක් මෙරට ක්‍රීඩාව දියුණු කිරීම සඳහා නිශ්චිත ජාතික සැලැස්මක් ක්‍රියාත්මක නොවීමේ අඩුපාඩුව මගහරවමින් ක්‍රීඩාවේ දියුණු කළ යුතු සෑම ක්ෂේත්‍රයක් ම අධ්‍යයනය කර අංශ 45ක් යටතේ ක්‍රීඩාව දියුණු කිරීම සඳහා කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිගුකාලීන ජාතික සැලැස්මක් යටතේ පිළියෙළ කර තිබෙන ජාතික ක්‍රීඩා ප්‍රතිපත්තිය 2015 වසරේ ක්‍රියාත්මක කිරීම මූලික අරමුණ බව ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අවධාරණය කරයි.
     
    2015 වසරේ අලුතින් ක්‍රියාත්මක කරන ව්‍යාපෘති අතර ජාතික ක්‍රීඩා කෞතුකාගාරය ජනතා අයිතියට පත්කිරීම සහ 6 වන වසරේ සිට විශ්වවිද්‍යාල අධ්‍යාපන මට්ටම දක්වා ජාත්‍යන්තර පදක්කම් ලබාගැනීමට හැකි වන සේ පූර්ණකාලීනව ක්‍රීඩා දැනුම ලබාදීම සඳහා ස්ථාපිත කිරීමට නියමිත ජාතික ක්‍රීඩා අධ්‍යාපන කේන්ද්‍රස්ථානය ද 2015 වසරේ ක්‍රියාත්මක කරන ව්‍යාපෘති අතර ප්‍රධාන තැනක් ගන්නා බව ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
     
    ක්‍රීඩා අමාත්‍යාංශය විසින් පසුගිය කාලපරිච්ඡේදයේ දී ආරම්භ කළ පළාත් හා දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණ ව්‍යාපෘතිය යටතේ පළාත් මට්ටමෙන් ඉදිකෙරෙන ක්‍රීඩා සංකීර්ණ 09 හි සහ දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණ 25 හි ඉදිකිරීම් කටයුතු 2015 වසර අවසන් වීමට ප්‍රථම නිමකිරීමට අපේක්ෂා කරන අතර ජාතික ක්‍රීඩා විද්‍යායතනයේ පාඨමාලා ක්‍රීඩා උපාධි පාඨමාලාවක් දක්වා දියුණු කිරීමේ කටයුතු ද 2015 වසරේ ආරම්භ කරන බව ද ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අවධාරණය කරයි.
     
    පසුගිය කාලපරිච්ඡේදයේ ආරම්භ කර ඇති ජාතික වැඩසටහන් වන ක්‍රීඩා ශක්ති වැඩසටහන, පුහුණුකරුවන් ලියාපදිංචි කිරීම, ජාතික ක්‍රීඩා සංගම් කටයුතු විධිමත් කිරීම, ජාතික සංචිත පවත්වා ගෙනයාම, විදේශ පුහුණුකරුවන් ගෙන්වා ගැනීම, ක්‍රීඩාව ගමට ගෙනයාම, ක්‍රීඩා සංස්කෘතියක් හා ක්‍රීඩා ආර්ථිකයක් බිහිකිරීම යන ඉලක්කයන් වසර 2020 පස් අවුරුදු ජාතික සැලැස්මක් මත තවදුරටත් ක්‍රියාත්මක වන අතර විශේෂයෙන් ආසියානු යොවුන් ක්‍රීඩා උළෙල ඉලක්ක කරගෙන ක්‍රීඩා යටිතල පහසුකම් හා පදක්කම් දිනිය හැකි ක්‍රීඩා තවදුරටත් සංවර්ධනය කෙරෙනු ඇත.
     
    ජාතික ක්‍රීඩා ප්‍රතිපත්තිය යටතේ ප්‍රධාන ඉලක්කයක් වී තිබෙන පාසල් ක්‍රීඩාවේ සිට ජාතික ක්‍රීඩාව දක්වා ක්‍රීඩාව විධිමත්ව පවත්වාගෙන යාමේ මූලික වැඩසටහන වන පාසලට ක්‍රීඩාව අනිවාර්ය කිරීමේ ජාතික වැඩසටහනට සෑම පාසල් දරුවෙක් ම සම්බන්ධ කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයට පූර්ණ දායකත්වය ලබාදෙන අතර සෑම පාසල් දරුවෙක් ම ක්‍රීඩකයෙක් බවට පත්කිරීම සඳහා පාසලට අත්‍යවශ්‍ය වන ක්‍රීඩාංගණ පහසුකම් වැඩිදියුණු කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය කටයුතු කරනු ඇත. 2020 ජාතික වැඩසටහන ඉලක්ක කරගනිමින් ක්‍රීඩාංගණ පහසුකම් නොමැති සෑම පාසලකට ම ක්‍රීඩාපිටියක් ලබාදීමේ වැඩසටහනට ක්‍රීඩා අමාත්‍යාංශය දායක වන අතර පාසල් ක්‍රීඩා සංකීර්ණ ඉදිකිරීමේ ව්‍යාපෘතියක් ද ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ආරම්භ කෙරෙනු ඇත.
     
    දකුණු ආසියාතික, ආසියාතික, පොදුරාජ්‍ය මණ්ඩලීය හා ඔලිම්පික් ක්‍රීඩා ඉලක්ක කරගෙන පදක්කම් දිනිය හැකි ක්‍රීඩා පුළුල් වර්ගීකරණයකට ලක්කර එම ක්‍රීඩා ඉසව් දියුණු කිරීම සඳහා උපරිම සම්පත් ලබාදීමට කටයුතු කරන අතර සැමට ක්‍රීඩාව යන්න ඉලක්ක කරගෙන සෑම පුරවැසියෙක් ම ක්‍රීඩකයෙකු බවට පත්කිරීම සඳහා ප්‍රාදේශීය මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා ජනතාව ක්‍රීඩාවට ආකර්ශණය කිරීමේ පුළුල් වැඩසටහනක් ද 2015 වසරේ සිට ක්‍රියාත්මක කෙරෙන බව ක්‍රීඩා අමාත්‍යාංශය වැඩිදුරටත් අවධාරණය කරයි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya