මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    චීනයේ නව වසර සමරන්නට ගොස් මිය ගිය තිස් හය දෙනෙකු පිළිබඳ පරීක්ෂණ චීන ජනපති නියෝගයෙන්

    ජනවාරි 02, 2015
    චීනයේ නව වසර සමරන්නට ගොස් මිය ගිය තිස් හය දෙනෙකු පිළිබඳ පරීක්ෂණ වහාම අරඹන ලෙස චීන ජනාධිපතිවරයා අදාළ බලධාරීන්ට නියෝග කර ඇත.
    චීනයේ ෂැංහයි නුවර හන්කු දිස්ත්‍රික්කයේ නව වසර උදාව සැමරීමට එක් රැස් වූ ජනතාව තෙරපීම නිසා තිස් හය දෙනෙකු මිය ගොස් ඇති අතර පුද්ගලයන් 42 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
     
    අදාළ උත්සවය සඳහා 30,000කට අධික ජනතාවක් සහභාගි වී සිට ඇති අතර ඔවුන් කලබලයට පත්වීමත් සමඟ නව වසර උදාවන මධ්‍යම රාත්‍රියට මොහොතකට පෙර මෙම තෙරපීම සිදු ව තිබේ.
     
    මෙම සිද්ධියෙන් පසු චීනයේ පැවැත්වීමට තිබූ අලුත් අවුරුදු උත්සව කිහිපයක් ද නැවැත්වීමට අදාළ බලධාරීන් පියවර ගෙන ඇත.
     
    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya