මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව වසරේ පළමු ටෙස්ට් තරගය හෙට

    ජනවාරි 02, 2015

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ 2015 වසරේ පළමු ටෙස්ට් තරගය හෙට (03) නවසීලන්තයට එරෙහිව වෙලිංටන් හිදී පැවැත්වේ.

    මෙම තරගය ජනවාරි 7 දක්වා දින 4ක් පැවැත්වෙන අතර ශ්‍රී ලංකා හා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම් දෙකෙහිම නව වසරේ පළමු තරගය මෙය වේ.

     

    ක්‍රයිස්ට්චර්ච් හිදී පැවති ශ්‍රී ලංකා නවසීලන්ත සංචාරයේ පළමු ටෙස්ට් තරගයේ ජය නවසීලන්තයට හිමි විය.  පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිමේ දී නවසීලන්තය ලකුණු 441ක් ද ශ්‍රී ලංකාව ලකුණු 138ක්ද ලබා ගත් අතර දෙවන ඉනිම සඳහා  ශ්‍රී ලංකාව සියලුම පිතිකරුවන් දැවී ලකුණු 407ක් ද නවසීලන්තය කඩුළු 2ක් දැවී ලකුණු 107ක් ලබා ගනිමින් කඩුළු 8ක විශිෂ්ඨ ජයක් හිමිකර ගැනීමට සමත් විය.

     

    ශ්‍රී ලංකා නවසීලන්ත සංචාරයේ දෙවන ටෙස්ට් තරගයේ සංචිත මෙසේය.

     

    ශ්‍රී ලංකා සංචිතය


    ඇන්ජෙලෝ මැතිව්ස් (නායක), කෞෂාල් සිල්වා, දිමුත් කරුණාරත්න, කුමාර් සංගක්කාර, ලහිරු තිරිමාන්න, නිරෝෂන් දික්වැල්ල, ප්‍රසන්න ජයවර්ධන, තරිඳු කෞෂාල්, ධම්මික ප්‍රසාද්, ශාමින්ද එරංග, සුරංග ලක්මාල්, දුෂ්මන්ත චමීර, දිනේෂ් චන්දිමාල්, නුවන් ප්‍රදීප් සහ රංගන හේරත්

     

    නවසීලන්ත සංචිතය


    බ්‍රෙන්ඩන් මැක්කියුලම්, ටොම් ලැදම්, හමීෂ් රුත්ෆෝර්ඩ්, කේන් විලියම්සන්, රොස් ටේලර්, ජේම්ස් නීෂම්, බී.ජේ. වැට්ලින්, මාක් ක්‍රෙයිග්, ටිම් සවුතී, නීල් වැග්නර්, ට්‍රෙන්ට් බෝල්ට්, කුරේ ඇන්ඩර්සන් සහ ඩොග් බ්‍රේස්වෙල්

     

    ටෙස්ට් තරගාවලියෙන් පසු ශ්‍රී ලංකා නවසීලන්ත සංචාරයේ එක් දින තරග 7ක් ද පැවැත්වීමට නියමිතය. එහි පළමු එක් දින තරගය ක්‍රයිස්ට්චර්ච් හිදී ජනවාරි 11 වන දින පැවැත්වීමට සැලසුම් කර ඇත.

     

    SDF

     


    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya