මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව රටවල් 5කට ජගත් ආරක්ෂක මණ්ඩලයේ ස්ථීර නොවන සාමාජිකත්වය

    ජනවාරි 02, 2015
    නව රටවල් 5කට ජගත් ආරක්ෂක මණ්ඩලයේ ස්ථීර නොවන සාමාජිකත්වය ලබා දීමට තීරණය කර තිබේ.
     
    නව වසර ආරම්භයේදී ම ජගත් ආරක්ෂක මණ්ඩලයේ දෑ අවුරුදු කාල සීමාවකට ආජන්ටිනාව, ඕස්ට්‍රේලියාව, ලක්සම්බර්ග්, දකුණු කොරියාව සහ රුවන්ඩාව වෙනුවට ඇන්ගෝලා, මැලේසියාව, නවසීලන්තය, වෙනිසියුලාව සහ ස්පාඤ්ඤය ස්ථීර නොවන සාමාජිකත්වය ලැබූ නව රටවල් ලෙස පත්ව ඇති බව සින්හුවා වාර්තා කර ඇත.
     
    එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අනුව ස්ථීර නොවන සාමාජික රටවල් 10ක් ස්ථීර හා නිෂේධබල සාමාජිකයින් ලෙස පත්වීමට පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ එක්සත් ජාතීන්ගේ මහා සභා රැස්වීමේ දී තරග තළ අතර ඒ සඳහා බ්‍රිතාන්‍ය, චීනය, ප්‍රංශය, රුසියාව සහ ඇමරිකාව තේරී පත්විය.
     
    එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය යටතේ ආරක්ෂක මණ්ඩලයට ලෝකයේ සාමය හා ආරක්ෂාව නඩත්තු කිරීමේ මූලික වගකීම පැවරී ඇත.
     
    SDF

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya