මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දෝනි සිය ටෙස්ට් ක්‍රිකට් දිවියෙන් සමුගනී

    ජනවාරි 01, 2015
    ඉන්දීය ක්‍රිකට් කණ්ඩා‍යමේ සුපිරි පිතිකරුවෙකු වන මහේන්ද්‍ර සිං දෝනි සිය ටෙස්ට් ක්‍රිකට් දිවියෙන් සමුගැනීමට තීරණය කර ඇත. 
     
    පසුගියදා ඉන්දියාව හා ඕස්ට්‍රේලියාව අතර පැවති තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් පසුව ඔහු මෙම තීරණය මාධ්‍ය හමුවට පවසා ඇති අතර ඉන්දියාව හා ඕස්ට්‍රේලියාව අතර තවත් එක් ටෙස්ට් ක්‍රිකට් තරගයක් පැවැත්වීමට නියමිතව තිබිය දී ඔහුගේ මෙම තීරණය ක්‍රිකට් ලෝලීන්ට මහත් කුතුහලය දනවන්නක් විය.
     
    ඒ අනුව ඉන්දීය කාණඩායමේ ටෙස්ට් ක්‍රිකට් නායකත්වය සඳහා විරාට් කෝලි පත්කර තිබේ.
     
    මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයෙන් පසුගිය වර පැවති එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ද ඉන්දියාව ජයගත්තේ දෝනිගේ නායකත්වයේ සුවිශේෂීතාව ලොවට කියාපාමිනි. ඔහුගේ ටෙස්ට් ක්‍රිකට් නායකත්වයෙන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල පළමු තැනට පත් විය.
     
    33 හැවිරිදි මහේන්ද්‍ර සිං දෝනි 2005 වසරේ දී ටෙස්ට් ක්‍රිකට් දිවිය අරම්භ කර ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවති තරගයකට මුහුණ දෙමිනි. 
     
    සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ දී තරග 90ක් සඳහා මුහුණ දී ඇති මහේන්ද්‍ර සිං දෝනි ටෙස්ට් ලකුණු 4,876ක් ලබාගෙන ඇත. උඩ පන්දු රැකගැනීම් 256ක් සිදු කර ඇති දෝනි කඩුළු 38ක් දවා ගෙන ඇත.
     
    ඉදිරියේදී පැවැත්වෙන එක්දින තරගය සහ 20 – 20 තරග සඳහා වැඩි කැපවීමෙන් ක්‍රීඩා කිරීමේ අරමුණකින් ඔහු මෙම තීරණය ගෙන ඇති බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පවසයි. 
     
    SDF
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya