මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයේ සාමාජිකත්වය පලස්තීනයටත්

    ජනවාරි 01, 2015
    පලස්තීනයට ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයේ සාමාජිකත්වය හිමිව ඇති බව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය නිවේදනය කළේය.
    ජගත් ආරක්ෂක මණ්ඩලයේ දී පලස්තීනයට ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයේ සාමාජිකත්වය ලබා දීම සම්බන්ධ ඡන්ද විමසීමේදී සාමාජික රටවල් 15න් 8ක සහය හිමිවීම හේතුවෙන් පලස්තීනයට මෙම අවස්ථාව හිමි වී ඇත.
     
     
    පලස්තීනයට ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයේ සාමාජිකත්වය හිමිවීම ඇමෙරිකාව සහ ඊශ‍්‍රායලය හෙළා දැක ඇති බව හින්දු පුවත් වාර්තා කරයි.
     
     
    නිදහස් පලස්තීනයක් උදෙසා වන අරගලයට අඩසියවසකටත් වැඩි කාලයක් ගත වුවද ඇමරිකාව හා  එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ද මෙතෙක් පලස්තීනය ස්වාධීන ස්වෛරී රාජ්‍යයක් ලෙස පිළිගෙන නොමැත.
     
     
    එහෙත් 2012 වර්ෂයේ දී, පලස්තීනයට එක්සත් ජාතීන්ගේ නිරීක්ෂණ සාමාජිකත්වය හිමිවීම නිදහස් පලස්තීනයක් බිහිවීම පිළිබඳ පෙර ලකුණක් ලෙස සැලකිය හැකිය. එම සාමාජිකත්වය ලබාගැනීම සඳහා පලස්තීනය ගෙනගිය ව්‍යාපාරයට ශ්‍රී ලංකාව ද ප්‍රබලව සහය දැක්වීය. 2005දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බලයට පත්වීමෙන් පසුව ශ්‍රී ලංකා - පලස්තීන සබඳතා වඩාත් පුළුල් විය.
     
     
    පලස්තීනයට මෙම සාමාජිකත්වය හිමිවීමත් සමඟ යුද අපරාධ සම්බන්ධයෙන් ලොව සෙසු රටවල් වෙත චෝදනා එල්ල කිරීමේ අවස්ථාව පලස්තීනයට ද හිමිවන අතර ඊශ්‍රායලයේ යුද අපරාධ සම්බන්ධව අභ්‍යන්තර අරගලයක් ගෙන ගිය පලස්තීන ජනාධිපති මහ්මුද් අබ්බාස් මැතිතුමා හට මෙම සාමාජිකත්වය වැදගත් වනු ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
     
    SDF
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya