මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැස්සෙන් පීඩා විඳින ජනතාවට චීන රජයෙන් සහන

    ජනවාරි 02, 2015

    පවතින අයහපත් කාලගුණය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සලසා දීමට චීන රජය සුදානම් බව චීන විදේශ අමාත්‍ය වාං යී (Wang Yi) මහතා පවසයි.

    දැඩි වර්ෂාපතනය හේතුවෙන් ගෙවී ගිය දින කිහිපය තුළ ජීවිත හා දේපළ හානි රැසකින් ශී‍්‍ර ලංකාව පීඩාවට පත් විය. ඒ පිළිබඳව චීන විදේශ අමාත්‍ය වාං යී මහතා ශී‍්‍ර ලංකා විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා වෙත පසුගිය දා සිය කනගාටුව පළ කරමින් මේ බව පැවසීය. චීනය හා ශී‍්‍ර ලංකාව ඉතිහාසයේ සිට මිත‍්‍රශීලී අසල්වැසි රටවල් දෙකකි. පීඩාවට පත් ශී‍්‍ර ලාංකික ජනතාවගේ දුක බෙදා ගැනීමට චීන ජනතාව එක්ව සිටින බව චීන විදේශ අමාත්‍ය වාං යී මහතා එහිදී තවදුරටත් පැවසීය.

     

    ශී‍්‍ර ලංකා රජයේ නායකත්වයෙන් අසීරුතාව අබිබවා ගංවතුර හා ජල ගැලීම් විපත් පරාජය කර ගනිමින් වාසභුමි යළි ගොඩනැගීමට ශී‍්‍ර ලාංකීය ජනතාව සමත් වනු ඇතැයි වාං යී මහතා එහිදී තවදුරටත් විශ්වාසය පළ කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya