මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බෑන් කී මූන් මහතාගේ අපේක්ෂාව සාමකාමී විශ්වසනීය මැතිවරණයක්

    දෙසැම්බර් 30, 2014
    එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බෑන් කී මූන් මහතාගේ සිය බලවත් අපේක්ෂාව, ශ්‍රී ලංකා රජය එළඹෙන වසර ආරම්භයේ දී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සාමකාමී විශ්වසනීය මැතිවරණයක් වීම බව එක්සත් ජාතීන්ගේ ප්‍රවෘත්ති වෙබ් අඩවිය වාර්තා කරයි.
     
    ශ‍්‍රී ලංකාවේ ජාතික සංහිඳියාවේ කි‍්‍රයාවලියට, දේශපාලන සංවාදයට සහ 2015 ජනවාරි 08 වෙනි දින පැවැත්වෙන ජනාධිපතිවරණය පිළිබඳ රටේ මූලිකයන්ට ඇති වගකීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය අඛණ්ඩව සහය දක්වන බව ඒ මහතා පසුගිය සතියේ විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා හා දුරකතන සංවාදයකට එක්වෙමින් සහතික කර තිබේ.
     
    2009 වසරේ දී ශ්‍රී ලංකා රජය විසින් අවසන් කරන ලද, වසර 26ක සිවිල් යුද්ධයේ බිහිසුණු අත්දැකීම ශ්‍රී ලංකාවට ඇති බව සඳහන් කරන එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙරට සුළු ජන කොටස් ඇතුළු සියලු ඡන්දදායකයන්ට බියකින් තොරව ඡන්දය භාවිත කිරීම සඳහා සුදුසු මැතිවරණ වාතාවරණයක් ඇති කිරීම වැදගත් බව ද එහි දී බෑන් කී මූන් මහතා, ජී.එල්. පීරිස් මහතා සමඟ පවසා ඇතැයි ද වාර්තා කරයි.
     
    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya