මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගිනි ගත් ඉතාලි මගී නෞකාවේ තවමත් පුද්ගලයන් 115ක්

    දෙසැම්බර් 30, 2014
    ග‍්‍රීසියට ආසන්න මුහුදේ දී ගිනි ගත් ඉතාලි මගී නෞකාවේ තවමත් පුද්ගලයන් 115ක් රැඳී සිටින බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
    මෙම අනතුරින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී ඇති අතර 70 දෙනෙකු රෝහල් ගත කර ඇත. 
     
    පුද්ගලයන් 478 දෙනෙක් සිටි නෞකාවෙන් මගීන් බේරා ගැනීම හෙලිකොප්ටර් යොදා ගනිමින් සිදු කරනු ලබයි. නෝමන් ඇට්ලාන්ටික් නම් මෙම නෞකාව ඇනෙක් ලිපෙස් නම් ග්‍රීක සමාගමට අයත් වේ.
     
    නෞකාවේ නිදන කාමරයකින් හට ගෙන ඇති ගින්න එහි වාහන රැගෙන යන තට්ටුව දක්වා පැතිර ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
     
    මේ වන විට නෞකාව ග්‍රීසියේ කෝෆු දිවයින ආසන්න මුහුදේ නතර කර ඇති අතර අධික ශීතල සහ අධික සුළං සහිත කාලගුණය සමඟ ගින්න පැතිරීම ජීවිතාරක්ෂක මෙහෙයුම් කටයුතු සඳහා බාධාවක් වී ඇති අතර මගීන් ද ඉමහත් අපහසුතාවයට පත්ව ඇත.
     
    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya