මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දුනීසියාවේ ජාවා මුහුදේ පාවෙන සුන්බුන් එයාර් ඒෂියා ගුවන් යානයේ යැයි සැකයක්

    දෙසැම්බර් 30, 2014
    ඉන්දුනීසියාවේ ජාවා මුහුදේ බොර්නියෝ දූපත් අසල පාවෙන සුන්බුන්, මගීන් සහ කාර්ය මණ්ඩලයේ 162 දෙදෙනෙකු සමඟ අතුරුදන් වූ එයාර් ඒෂියා ගුවන් යානයේ විය හැකි යැයි ඉන්දුනීසියානු බලධාරීහු පවසති.
    මගීන් සහ කාර්ය මණ්ඩලයේ 162 දෙදෙනෙකු සමඟ ඉන්දුනීසියාවේ සුරබයා සිට සිංගප්පූරුව බලා ගමන් ගනිමින් සිටි එයාර් ඒෂියා මැලේසියානු එයාර් බස් යානය ඉරිදා (28) උදෑසන අතුරුදන් විය.
     
    රතු, සුදු හා කළු පැහැයෙන් දිස්වන කොටස් කිහිපයක් හා ආරක්ෂිත කබා යැයි සිතිය හැකි පාවෙන වස්තු කිහිපයක් Pangkalan Bun වෙරළ තීරයට සැතපුම් 105ක් දකුණින් ඉන්දුනීසියාවේ ජාවා මුහුදේ දී හඳුනාගෙන ඇති බව ඉන්දුනීසියානු බලධාරීහු පවසති. එයාර් ඒෂියා ගුවන් යානය ද සුදු හා රතු පැහැයෙන් යුක්ත වේ.
     
    තවදුරටත් අදාළ ගුවන් යානය සෙවීමේ කටයුතු සිදුකෙරමින් පවතින බවත් මෙම සොයාගැනීම් අනුව පාවෙන කොටස් අදාළ ගුවන් යානයට අයත්දැයි තවමත් තහවුරු කර නැති බවත් ඔවුන් කියා සිටිති.
     
    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya