මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තෙන්ඩුල්කර් 2015 ලෝක කුසලාන තරගාවලියේ තානාපති තනතුරට

    දෙසැම්බර් 23, 2014

    සචින් තෙන්ඩුල්කර් 2015 අයි.සී.සී ලෝක කුසලාන තරගාවලියේ තානාපති ලෙස පත් කළ බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනයක් නිකුත් කර ඇත. මෙය තෙන්ඩුල්කර් අයි.සී.සී ලෝක කුසලාන තරගාවලියක තානාපති වූ දෙවන අවස්ථාව වන අතර ඉන්දියාව, ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය යන රටවල පැවැත්වූ 2011 අයි.සී.සී ලෝක කුසලාන තරගාවලියේ තානාපතිවරයා වූයේ ද සචින් තෙන්ඩුල්කර් ය.

    ලෝකයේ ක්‍රීඩා තරගාවලීන් අතරින් තෙවන විශාලතම තරගාවලිය වන 2015 ලෝක කුසලාන තරගාවලිය සඳහා ජාත්‍යන්තර  ක්‍රිකට් කවුන්සිලයේ විවිධ ප්‍රචාරන වැඩසටහන්වලට හා තරගාවලියේ ප්‍රචාරණ ආකෘතීන් සඳහා  2015 ලෝක කුසලාන තරගාවලියේ තානාපති ලෙස තෙන්ඩුල්කර් සහභාගී වනු ඇත. මෙවර 2015 ලෝක කුසලාන තරගාවලිය ඕස්ට්‍රේලියාවේ දී සහ නවසීලන්තයේ දී 2015 පෙබරවාරි 15 සිට මාර්තු 29 දක්වා පැවැත්වේ.


    පසුගිය වසරේ (2013) තෙන්ඩුල්කර් සිය ක්‍රිකට් දිවියෙන් විශ්‍රාම ගිය අතර ඒ වන විට ඔහු ජාත්‍යන්තර ටෙස්ට් තරග 200කට හා එක් දින තරග 463කට ද එක් ජාත්‍යන්තර විස්සයි විස්සේ තරගයකට ද (Twenty20 International) සිය රට නියෝජනය කරමින් ක්‍රීඩා කර ඇත. වයස අවුරුදු 41 දී තෙන්ඩුල්කර් සිය වසර 24ක ක්‍රිකට් දිවියෙන් ඔහු සමුගන්නා විට ජාත්‍යන්තර වශයෙන් ලකුණු 34,357ක් රැස් කර සිටි අතර ශතක 100ක් වාර්තා කර තිබුණි.

     

    ලෝක කුසලාන තරග ඉතිහාසයේ වාර්තා අතර ඉහළින් ම සිය නාමය සනිටුහන් කළ ක්‍රීඩකයෙකු වන තෙන්ඩුල්කර් එම තරගවලියන් හි තරග 45ක දී ලකුණු 2,278 රැස් කර ඇති අතර එහි සාමාන්‍ය අගය 56.95 ක් වේ. 2003 ලෝක කුසලාන තරගාවලියේ දී ඕස්ට්‍රේලියාව තරගාවලියේ ජයග්‍රහණය හිමි කරගන්නා විට ලකුණු 673ක් රැස් කරමින් තෙන්ඩුල්කර් තරගාවලියේ වීරයා බවට පත් වීම ඔහුගේ සුවිශේෂී ජයග්‍රහණයකි.

     

    SDF


    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya