මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයෙ හි මලල ක්‍රීඩා උළෙල නිමාවේ

    දෙසැම්බර් 23, 2014
    මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ඇති  11 වන සේනාංකය සංවිධානය කරන ලද මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථාන මලල ක්‍රීඩා උළෙල නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණයේ දී  පසුගිය බ්‍රහස්පතින්දා නිමාවට පත්විය.
     
    11 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ඩී.එස්.එන්.කේ. සේනාධීර මහතා විසින් ඔලිම්පික් පහන දල්වමින් මෙම ක්‍රීඩා උළෙල ආරම්භ කළ අතර මෙවර ක්‍රීඩා උළෙල සඳහා බලඇණි 15ක ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සහභාගී වූහ. 
     
    ලකුණු 147ක් ලබා ගනිමින් 10 වන ගැමුණු හේවා බලකාය මෙහි ශූරතාව දිනා ගත් අතර ලකුණු 143ක් ලබා ගනිමින් 22 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව අනු ශූරතාව ද ලකුණු 107ක් ලබාගනිමින් 14 වන ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය විසින් දෙවන අනු ශූරතාව ද දිනා ගන්නා ලදී.
     
    පිටිය ඉසව් හි දක්ෂතම මලල ක්‍රීඩකයාට හිමි කුසලානය සාමාන්‍ය සෙබළ බී.එම්.ඒ.එල්.එම්. බස්නායක මහතා දිනාගත් අතර, ජවන ඉසව් හි දක්ෂතම මලල ක්‍රීඩකයාට හිමි කුසලානය ලාන්ස් කෝප්‍රල් පී.ටී.එන්. ගලඅරාව මහතා විසින් දිනා ගන්නා ලදී.
    ක්‍රීඩා උළෙල අවසන් දින උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් මනෝ පෙරේරා මහතා සහභාගී වූ අතර 11 වන සේනාංකයේ සේනාංකාධිපති, 111 සහ 112 බල සේනාධිපතිවරු  ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු, සිවිල් ආරක්ෂක අංශයේ ආරාධිතයෝ ද මීට එක් වූහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya