මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නැගෙනහිර ඉන්දුනීසියාවට ප්‍රබල භූ කම්පනයක්

    දෙසැම්බර් 22, 2014

    රික්ටර් ඒකක 6.6 ක ප්‍රබල භූ කම්පනයක් ඊයේ (21) පස්වරුවේ නැගෙනහිර ඉන්දුනීසියාවේ ටොබෙලෝ නගරයට කිලෝ මීටර් 141ක් බටහිරින් පිහිටි පැල්මහෙරා දූපතට බලපෑ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    නමුත් මෙම භූ කම්පනයෙන් කිසිඳු ජීවිත හානියක් හෝ දේපල හානියක් සිදු වී නොමැත.

     

    අදාළ බලධාරීන් පවසන පරිදි සුනාමියක් ඇති වීමේ අවධානමක් ද නැති බව හවායි මූලික කරගත් පැසිෆික් සුනාමි අනතුරු මධ්‍යස්ථානය පැවසීය.

     

    ඉන්දුනීසියාව අවට පැසිෆික් කලාපයේ ගිනි කඳු වළල්ලක් ("Ring of Fire" ) පිහිටා ඇති බැවින් නිරතුරුවම ඉන්දුනීසියාව භූ කම්පනවලින් පීඩාවට පත්වෙයි. 2004 දෙසැම්බර් 26 වෙනි දින ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් අසළ සිදු වූ ප්‍රබල භූ කම්පනය හේතුවෙන් 230,000කට අධික පිරිසකගේ ජීවිත අහිමි වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya