මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංගක්කාර - මහේල මව්බිමේ සිය අවසන් එක් දින තරගයට ක්‍රීඩා කරති

    දෙසැම්බර් 16, 2014

    විශිෂ්ට කි‍්‍රකට් කී‍්‍රඩකයන් දෙදෙනෙකු වන කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන සිය මව්බිමේ දී සහභාගි වන අවසන් එක් දින කි‍්‍රකට් තරගය වන එංගලන්තයට එරෙහිව 7 වන හා අවසාන තරගය, අද (16) පස්වරු 02.30ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.


    මෙම එක් දින තරගාවලියේ දී ශ්‍රී ලංකාව තරග 4ක් ජයග්‍රහණය කරමින් ඉදිරියෙන් පසු වේ.

     

    2015 ලෝක කුසලානයෙන් පසු ව එක් දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව පසුගියදා (13) පැවති මාධ්‍ය හමුවක දී සංගක්කාර ප්‍රකාශ කළේය. ඒ අනුව සංගක්කාර ශ්‍රී ලංකාවේ දී ක්‍රීඩා කරන අවසන් ජාත්‍යන්තර ක්‍රිකට් තරගය එංගලන්තයට එරෙහි 7 වන හා අවසාන තරගය අද පැවැත්වේ.

     

    එළැඹෙන ලෝක කුසලාන තරග මාලාවෙන් පසුව ජාත්‍යන්තර එක්දින පිටියට සමුදීමේ අදහසින් යුතු ව සිටින 37 හැවිරිදි වියේ පසුවන මේ විශිෂ්ටතම පිතිකරු යුගලය වන සංගක්කාර සහ මහේල ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරගබිමේ වැඩි ම ලකුණු ලාභීන් අතරින් දෙවැනි වන්නේ හිටපු සුපිරි පිතිකරු සනත් ජයසූරියට පමණි.

     

    මහේල මේ දක්වා එක්දින තරග 433කට ක්‍රීඩා කරමින් ලකුණු 12219ක් ලබා ගෙන ඇති අතර සංගක්කාර තරග 389කදී ලකුණු 13339ක් ලබා සිටී.

     

    වසර 15කට ආසන්න කාලයක් පුරා දෙදෙනා එක් ව ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ජාත්‍යන්තර කෙළි බිමේ ජය කෙහෙළි නැංවූ මෙම විශිෂ්ට පිතිකරු යුගල මව්බිමට ඉමහත් ගෞරවයක් දක්වන්නට සමත් වූහ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya