මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සාම සාධක හමුදාවන්හි සෙබළුන්ට පදක්කම් පළඳවයි

    දෙසැම්බර් 16, 2014

    ලෙබනන් හි එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවන් හි රාජකාරියේ නිරත ව සිටින ශ්‍රී ලාංකික සෙබළුන් හට පදක්කම් පැළඳවීම සඳහා ලෙබනන් එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදා මූලස්ථානයේ පැවැති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද හමුදාපති වෙනුවට අධ්‍යක්ෂ ප්‍රධාන මාණ්ඩලික නිලධාරී මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා මහතා සහභාගී විය. 


    ලෙබනන් එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා මූලස්ථානයේ හමුදාපති මේජර් ජෙනරාල් ලුසියානෝ ප්‍රොටෝලානෝ මහතා විසින් මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා මහතාව ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. මෙම උත්සවය ජීවිතාරක්ෂක සටන් සංදර්ශන, සුනඛ සංදර්ශන ඇතුළු සෙබළුන්ගේ විශේෂ ක්‍රියාකාරකම්වලින් වර්ණවත් වූ අතර ම එතුමා හට හමුදා සාම්ප්‍රදායානුකූලව සම්මාන මුරයක් මෙන්ම සම්මාන පෙළපාළියක් ද පිරිනැමීය.

             
    මෙවර එක්සත් ජාතීන්ගේ සාමසාධක බලඇණියේ අණදෙන්නා ලෙස කර්නල් චන්දිමාල් පීරිස් කටයුතු කරන අතර මෙම පදක්කම් පැළඳවීමේ අවස්ථාව සඳහා ලෙබනන් ශ්‍රී ලංකා මහකොමසාරිස් ජේ.ඒ.ඩී.එස්.පී.  විජේගුණසේකර මහත්මිය ද සහභාගී වූවාය.    

    පදක්කම් පැළඳවීමේ උත්සවයෙන් පසු මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා සහ ලෙබනන් එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදා මූලස්ථානයේ හමුදාපති මේජර් ජෙනරාල් ලුසියානෝ ප්‍රොටෝලානෝ යන මහත්වරු අතර දෙරටේ ඉදිරි ආරක්ෂක කටයුතු පිළිබඳ ව කෙටි සාකච්ඡාවක් ද පැවැත්වූහ. මෙම අවස්ථාව සඳහා බ්‍රිගේඩියර් ජෙනරාල් තරුන්දීප් කුමාර්, බ්‍රිගේඩියර් ජෙනරාල් මොහොමඩ් අල් හජ්ජාර් සහ මිලාන් ට්‍රොජානෝවික් යන මහත්වරු ඇතුළු ආරාධිතයෝ බොහෝ පිරිසක් සහභාගී වූහ.

     

    NDH/army.lk

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya