අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සේනානායක සහ විලියම්සන් පන්දු යවන්නන් නැවත පිටියට

    දෙසැම්බර් 09, 2014
    සැක සහිත පන්දු යැවීමේ ඉරියව් හේතුවෙන්  තරග තහනමකට ලක් කර තිබූ සචිත්‍ර සේනානායක සහ නවසීලන්ත ක්‍රීඩක කේන් විලියම්සන් නැවත පරීක්ෂණයට ලක් කිරීමෙන් අනතුරුව ඔවුන් නීතියට අනුව පන්දු යැවීම සිදු කරන බව පසක් වූ බැවින් නැවත ක්‍රිකට් තරග වලදී පන්දු යැවීමට අවසර ලබාදීමට ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියි.
     
    නිසි ප්‍රායෝගික පුහුණු ප්‍රතිකාර වලින් පසුව නැවත පරීක්ෂණයකින් පසුව ලැබුණු ප්‍රතිඵල අනුව සෑම පන්දු යැවීමකදීම වැලමිට ප්‍රසාරණය අංශක 15ක මට්ටම තහවුරු වූ බැවින් අයි සී සී නීති වලට අනුව මෙම තීරණය ගෙන ඇත.
     
    අනාගතයේ දී මෙම පන්දු යවන්නන් ගේ පන්දු යැවීමේ ඉරියව් නැවතත් පරීක්ෂණයෙන් නීත්‍යනුකූළව තහවුරු වූ ඉරියව් නොවන බවට සැක සහිත නම් ඒ පිළබඳ වාර්තා කිරීමට විනිශ්චයකරුවන්ට නිදහස ඇත. 
     
    ඒ සඳහා එළඹෙන තරගවලදී මෙම ක්‍රීඩකයන් දෙදෙනාගේ පන්දු යැවීමේ ඉරියව් පිළිබඳව සංසන්දනය කිරීම සඳහා පරීක්ෂණාගාරයේ දී පැවති නැවත පරීක්ෂණයේ දී ඔවුන් පෙන්වූ නිවැරදි ඉරියව් සම්බන්ධ පිංතූර හා වීඩියෝ දර්ශන විනිශ්චයකරුවන්ට ලබා දෙනු ඇත.
     
    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya